මහා සංඝරත්නය,අන්‍ය ආගමික පූජකවරු, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු මැති ඇමතිවරු මෙන්ම ආරාධිත අමුත්තක් විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වී සිටිති.
''එකම දැයක් මහබලයක්''සාර සංගහය අතිගරු ජනාධිපතිතුමාට මෙම උත්සවයේ දී පිළිගැන්වීමට නියමිතය.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සුබිනේ නන්දි මහතා විසින් එක්සත් ජාතීන්ගේ මහලේකම් තුමාගේ පණිවුඩය සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙහි දී ආරාධිත දේශනය පවත්වන්නේ, ඉන්දියාවේ බටහිර බෙංගාලයේ ආණ්ඩුකාර හා ශ්‍රී ලංකාවේ හිටපු ඉන්දීය මහ
කොමසාරිස් ගෝපාල් ක්‍රිෂ්ණා ගාන්ධි මහතා විසිනි.