මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර තිබෙන්නේ දීර්ඝ කලීන මිත්‍රත්වයක්- ජනාධිපති

    ජනවාරි 05, 2016

    පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර තිබෙන්නේ ඉතාමත්ම දීර්ඝ කලීන මිත්‍රත්වයක්. පාකිස්ථාන අග්‍රාමාත්‍යතුමාගේ පැමිණීම රජය හැටියට සහ ශ්‍රී ලංකා ජනතව හැටියට සතුටු වෙනවා. මෙය දෙරටේ සම්බන්ධතා ශක්තිමත් කරගැනීමට වැදගත් අවස්ථවක් ලෙස සළකනවා යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කළේ ය.

     

    තෙදින නිල සංචාරයක යෙදී සිටින පාකිස්ථාන අග්‍රාමත්‍ය නවාස් ෂරීෆ් මැතිතුමා පිළිගැනීමෙන් අනතුරුව, අද (05) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික ගිවිසුම් අටකට අත්සන් තැබීමෙන් අනතුරුව සම්භාවනීය සභාව අමතමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ ය.


    පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර තිබෙන්නේ ඉතාමත්ම දීර්ඝ කලීන මිත්‍රත්වයක්.අපේ රටේ සංවර්ධනයට වගේම පසුගිය යුද්ධය පැවැති කාලයේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පාකිස්ථානය ලබාදුන් සහයෝගය අපට කිසිවිටෙක අමතකළ කළ නොහැකියි.

     

    ශ්‍රී ලංකා රජය, ශ්‍රී ලංකා ජනතාව, පාකිස්ථාන රජය සහ ජනතාව පිළිබඳව තිබෙන්නේ,විශාල ගෞරවයක් සහ භක්තියක්.එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළත් මානව හිමිකම් කොමිෂන් සභව තුළත් පසුගිය වසරවල කටයුතු කිරීමේ දී පාකිස්ථාන රජයේ නියෝජිතයා ශ්‍රී ලංකාවේ කටයුතු සම්බන්ධයෙන් අප වෙත දැක් වූ සහයෝගය,අනුග්‍රහය අප අගය කරනවා.


    පාකිස්ථානය හා පාකිස්ථාන ජනතාව සැමවිටම අපගේ දුකේදී සහ සැපේ දීත් සිටි සැබෑ මිත්‍රයෙක්.ඒ නිසා අප දෙරටේ ද්විපාර්ශවීය සම්බන්ධතා වඩත් වැඩි දියුණු කරගැනීම අත්‍යවශ්‍ය වෙනවා.වෙළඳ මෙන්ම අනෙකුත් ගිවිසුම් අටකට අත්සන් කරනු ලැබුවා.ජලවිදුලිය, මත්ස්‍ය කර්මාන්තය,නාවික ,සිමෙන්ති ආදී ක්ෂේත්‍ර ප්‍රධාන වශයෙන් ඇතුළත් වී තිබෙනවා.

    මා පසුගිය වසරේ පාකිස්ථානයේ සංචරය කළ අවස්ථාවේ දී ඇති කරගත් ගිවිසුම් හා එකඟතාවන් සාර්ථකව ක්‍රියාකිරීම සම්බන්ධයෙන්, ඒ කටයුතු ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වෙනවා.

     

    මේ අවස්ථාව ඉතා වැදගත්.ලබන වසරේ සාර්ක් සමුළුව පාකිස්ථානයේ පැවැත්වෙනවා.එම ආරධනය පිළිගෙන තිබෙනවා.පාකිස්ථානය සහ අප අතර ඇති වූ මිත්‍රත්වය අප අගය කරනවා.ජාතික මෙන්ම අන්ත්‍රජාතිකව අපේ මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින් වඩත් දියුණු කරගැනීමට බලාපොරොත්තු වෙනවා.පාකිස්ථාන අග්‍රාමාත්‍යතුමාගේ පැමිණීම රජය හැටියට සහ ශ්‍රී ලංකා ජනතව හැටියට සතුටු වෙනවා. මෙය දෙරටේ සම්බන්ධතා ශක්තිමත් කරගැනීමට වැදගත් අවස්ථවක් ලෙස සළකනවා.ඒ නිසා පාකිස්ථාන අග්‍රාමත්‍යතුමාට, රජයට සහ ජනතාවට මාගේ ස්තූතිය පිරිනමනවා යැයි ද ජනාධිපතිතුමා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya