මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාට උණුසුම් රාජ්‍යතාන්ත්‍රික පිළිගැනීමක්

    ජනවාරි 05, 2016

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආරාධනය පරිදි තෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි පකිස්ථාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මැතිතුමා නිල වශයෙන් පිළිගැනීමේ උත්සවය අද (05) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී අති උත්කර්ෂවත් ලෙස පැවැතිවිණී.


    උත්මාචාර රථ පෙළ පාලිය පෙරටු කොට ගනිමින් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයට පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා සම්ප්‍රාප්ත වන විට පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම සදහා මග දෙපස දේශීය සංස්කෘතික අංග විදහා දක්වමින් නර්තන ශිල්පීන් හා තූර්යවාදන කණ්ඩායම් පෙළ සැදී සිටිනු දක්නට ලැබිණි.

     

    මඟුල් බෙරවාදන හා දේශිය නර්තන ශිල්පීන් පෙරටු කොට ගනිමින් පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ලේකම් කාර්යාල භූමියට ප්‍රවේශ වීමෙන් අනතුරුව ජනාධීපති ලේකම් පී. බී. අභයකෝන් මහතා කැදවාගෙන යනු ලැබීය.

     

    පාකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක් පුරා පවතින රාජ්‍ය තාන්ත්‍රික මිත්‍රාත්වය තවදුරටත් ශක්තිමත් කරමින් රතු පලස මත දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පාකිස්ථාන අග්‍රාමාත්‍ය නවාස් ෂාරීෆ් මැතිතුමා ඉතාමත් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

     

     

    අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුධ හමුදාවේ ආචාර වෙඩි මුර පවත්වමින් දේශයේ උත්තමාචාරය පිරිනෑමීය. ආචාර වෙඩිමුරවලින් අනතුරුව ශ්‍රී ලංකා ජාතික ගීය හා පකිස්ථානු ජාකිත ගීය වාදනය කෙරිණි.

     


    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා කැදවාගෙන ගියේ, මෙරට රාජ්‍ය තාන්ත්‍රි පිරිස හදුන්වා දීමටය. එහි දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු අමාත්‍යවරුන්, අමාත්‍යංශ ලේකම්වරුන්, තානාපතිවරුන් ඇතුළු පැමිණ සිට රාජ්‍ය තාන්ත්‍රික පිරිස් හදුන්වා දෙන ලදි.

     

    ඉන් අනතුරුව පකිස්ථාන අග්‍රාමාත්‍යතුමා විසින් එරට පැමිණි දූත පිරිස ශ්‍රී ලංකා ජනාධීපතිතුමාට හදුන්වා දීමෙන් අනතුරුව
    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ පකිස්ථාන අග්‍රාමාත්‍ය නවාස් ෂාරීෆ් මැතිතුමා ප්‍රමුඛ කොටගත් රාජ්‍ය
    තාන්ත්‍රික අමුත්තන්, අමාත්‍යවරු ඇතුළු ඇතුළු නිලධාරීහු ජනාධීපති ලේකම් කාර්යාලයට ප්‍රවේශ වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya