මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පටු තීන්දු තීරණ ගෙන පසුගිය රජය විසින් කරන ලද විල්පත්තු වන විනාශය පිළිබඳව අද ඇතැමුන් වත්මන් රජයට වැරදි චෝදනා එල්ල කරනවා – ජනපති

    ජනවාරි 05, 2016

    නැවත පදිංචි කිරීම් කටයුතු සඳහා විශාල වන සංහාරයක් සිදු නොකර වෙනත් ප‍්‍රදේශවලින් ඉඩම් ලබාදීමට හැකියාව තිබියදී පටු තීන්දු තීරණ ගෙන පසුගිය රජය විසින් කරන ලද විල්පත්තු වන විනාශය පිළිබඳව අද ඇතැමුන් වත්මන් රජයට වැරදි ලෙස චෝදනා එල්ල කරමින් සිටින බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ වන ක්ෂේත‍්‍ර සහකාරවරුන් 290 දෙනෙකුට පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීම සඳහා ඊයේ (04) පස්වරුවේ බත්තරමුල්ල, අපේගම පරිශ‍්‍රයේ පැවති උත්සවය අමතමිනි.

     

    වන සම්පත ප‍්‍රමුඛ ස්වභාවික සම්පත් ආරක්ෂා කර ගැනීම සඳහා තම රජය දැඩි තීන්දු තීරණ ගන්නා බව ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

     

    මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යවරයා ලෙස තමා වන සම්පත ප‍්‍රමුඛ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා තුන් අවුරුදු ජාතික සැළැස්මක් සකස් කර තිබෙන බවද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

     

    මිහිතලයේ ජෛව විවිධත්වය සුරක්ෂිත කිරීම සමඟ තම වගකීම් සහ යුතුකම් ඉටුකිරීමට සියලූදෙනා කැපවිය යුතු බවද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා දැනට සියයට 29 ක් වන අපේ වන සම්පත ඉදිරියේදී සියයට 32 දක්වා වර්ධනය කර ගැනීමට නව රජය සැළසුම් සහගතව කටයුතු කරන බවද කියා සිටියේය.

     

    එමෙන්ම 2020 වසර වන විට රට තුළ සිගරට් සඳහා දුම්කොළ වගාව සම්පූර්ණයෙන් තහනම් කිරීමට කටයුතු කරන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා මිනිසාගේ සෞඛ්‍යයට යහපත් දේ පමණක් ආර්ථික නිෂ්පාදන ලෙස තෝරා ගැනීමත් සෞඛ්‍යයට අභියෝගයක් වන සියලූ දේ සමාජයෙන් ඉවත් කර දැමීමත් වත්මන් රජයේ ප‍්‍රතිපත්තිය බව පැවසීය.

     

    2016 ජනවාරි පළමුවනදා සිට පනවා ඇති පොලිතින් තහනම කඩ කර ඒවා නිෂ්පාදනය කරන, අළෙවිකරණ මෙන්ම බෙදා හරින සියලූදෙනා වෙත දැඩි ලෙස නීතිය කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරන බවද ජනාධීපතිතුමා පැවසීය.

     

    පරිසර සහ මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරිහු මීට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya