මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නව නිලධාරී මණ්ඩලය ජනපති හමුවෙයි

    ජනවාරි 05, 2016

    ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නව සභාපති ලෙස පත්වූ තිලංග සුමතිපාල මහතා සහ නිලධාරී මණ්ඩලය ඊයේ (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.

    තිලංග සුමතිපාල මහතාගේ ජයග‍්‍රහණයට සුබ පැතුම් එක් කළ ජනාධිපතිතුමා එම පිරිස සමග සුහද කතාබහක ද නිරත විය.

     

    ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ උන්නතිය උදෙසා ඉදිරියේදී ගැනීමට අපේක්ෂා කරන ක‍්‍රියාමාර්ග පිළිබඳ​ව ක‍්‍රිකට් ආයතනයේ නව නිලධාරීන් විසින් ජනාධිපතිතුමා වෙත පැහැදිලි කිරීමක් සිදුකරන ලදී.

     

    ශ‍්‍රී ලංකා ක‍්‍රිකටි කණ්ඩායම තව දුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස මෙහිදී ජනාධිපතිතුමා නව නිලධාරී මණ්ඩලයට උපදෙස් ලබා දුන් අතර දක්ෂතා දක්වන නවක ක‍්‍රිකටි ක‍්‍රීඩකයින් ඉදිරියට ගැනීම සඳ​හා අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya