මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව හිමිකම් සුරක්ෂිත කිරීමට කැපවූ රටවල් අතරින් ශී‍්‍ර ලංකාව ප‍්‍රමුඛ ස්ථානයක

    ජනවාරි 02, 2016
     
    2015 වර්ෂයේ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව හිමිකම් සුරක්ෂිත කිරීමට කැපවූ රටවල් ගණනාවක් අතුරින් ශී‍්‍ර ලංකාව ප‍්‍රමුඛ ස්ථානයක පසුවන බව ජනාධිපතිතුමා පවසයි.
     
    පසුගියදා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මුන් මහතා ජාත්‍යන්තර සමුළුවක් අමතමින් මේ බව ප‍්‍රකාශයට පත් කළ බවද ජනාධිපතිතුමා පැවසූවේ  පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ පැවති උත්සවයක් අමතමිනි.
     
    උදාවූ නව වසරට ආදරණීය පුලතිසි ජනතාව වෙනුවෙන් ජනාධිපතිතුමාගේ සුභාශිංසන පළ කිරිමට මෙම උත්සවය සංවිධානය කර තිබූණි.
     
    ගෙවී ගිය වසර දෙස ආපුස හැරී බැලීමේදී ශ‍්‍රී ලාංකීය ජනතාව ලෙස සතුටුවිය හැකි ජයග‍්‍රහණ රැුසක් ලබාගෙන තිබෙන බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.
     
    මෙරට බලයට පත්වූ සෑම රාජ්‍ය නායකයෙක්ම එක් එක් යුග තුළ සිය යුග මෙහෙවරයන් විශිෂ්ට ලෙස ඉටු කර  තිබෙන අතර තම පාලන කාලය තුළ මෘතෘ භූමිය ලෝකයේ ශ්‍රේෂ්ඨ රාජ්‍යයක් ලෙස ගොඩනැගීමේ වගකීම ඉටු කරන බව ද ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ද, අන්‍යාගමික පුජකවරුන්ද, පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ දේශපාලන නියෝජිතයින් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ හිටපු විදුහල්පති ටිකිරි බණ්ඩාර මහතා විසින් රචනා කරන ලද කවි පොතක් ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya