මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "මෛත්‍රී සෙවණ" තෙමහල් නිවාඩු නිකේතනය ජනපති අතින් විවෘත වේ.

    ජනවාරි 04, 2016
     
    දිවයිනේ නන් දෙසින් ඓතිහාසික පොළොන්නරුව පුරවරයට පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් සහනදායී මුදලකට නවාතැන් පහසුකම් ලබාදීම සදහා ඉදිකළ “මෛතී‍්‍ර සෙවණ” තෙමහල් නිවාඩු නිකේතනය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් පසුගියදා විවෘත කෙරිණි.
    පොළොන්නරුව බෞද්ධ සංගමය මගින් සියලූ පහසුකම්වලින් සමන්විතව ඉදිකර ඇති මෙම නිවාඩු නිකේතනය තුළ එකවර 500 කට පමණ නවාතැන් පහසුකම් සැළසේ.මේ අතර ඊට යාබදව ඉදිකර ඇති රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ පොළොන්නරුව සංචාරක නිවාසයද විවෘත කෙරුණේ ජනාධිපතිතුමා අතිනි.
     
    දෙමහල් ගොඩනැගිල්ලක් ලෙස ඉදිකර ඇති මෙම සංචාරක නිවාසයද සියලූ පහසුකම්වලින් සමන්විතය.
     
    පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් කි‍්‍රයාත්මක, ලක් දරු ශිෂ්‍යත්ව, ප‍්‍රදානය කිරීමේ වැඩසටහනද මේ හා සමගාමීව පැවැත්වුණු අතර ශිෂ්‍යත්වලාභින් 125 දෙනෙකුට ශිෂ්‍යත්ව ලබාදීම සංකේතවත් කරමින් 10 දෙනෙකුට ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ග‍්‍රාමීය ස්වේච්ජා සංවිධාන සඳහා ජල ටැංකි ප‍්‍රදානය කිරීම හා දිස්ති‍්‍රක්කයේ පොල් අතු සෙවිළිකල නිවාස 100 ක් වෙනුවෙන් සෙවිළි තහඩු ප‍්‍රදානය කිරීමද මෙහිදී සිදුවූ අතර ජනාධිපතිතුමා සංකේතාත්මකව ඊට එක් විය.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya