මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිසිදු ආගමික දර්ශනයක් තවත් ආගමික දර්ශනයක් යටපත් නොකළ යුතුයි

    දෙසැම්බර් 29, 2015

    කිසිදු ආගමික දර්ශනයක් තවත් ආගමික දර්ශනයක් විසින් යටපත් නොකළ යුතුයි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

    මීගමුව 16 වන බෙනඩික් උසස් අධ්‍යාපන මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කරයි.

     

    ඉතාලි රදගුරු සම්මේලනයේ ආධාර යටතේ ඉදිකර ඇති මෙම උසස් අධ්‍යාපන මධ්‍යස්ථානය තුළ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ හැදැරූ දරුවන්ට මෙන්ම රැකියාවල යෙදි සිටින අය වෙනුවෙන් ඉංගී‍්‍රසි, තොරතුරු තාක්ෂණ, විදේශීය භාෂා අධ්‍යාපනය ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇත.

     

    ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ රටේ සියලු ආගමික දර්ශනයන් සුරක්ෂිත කිරීමට නව රජය බැඳී සිටින බවයි.

     

    වාණිජ සමාජය සමඟ පිරිහී යමින් තිබෙන සමස්ත සමාජය සුවපත් කිරීමට ආගමික දර්ශන තරම් උතුම් දර්ශනයක් තවත් නොමැති බව ද ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය.

     

    තම දැනුම, බුද්ධිය සහ අත්දැකීම් පෞද්ගලික ජීවිතය වෙනුවෙන් මෙන්ම මුළු මහත් මානව සමාජයේ යහ පැවැත්ම වෙනුවෙන් භාවිතා කිරීම සියලු දෙනාගේ වගකීමක් බව ද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.

     

    සමරු ඵලකය නිරාවරණය කර 16 වන බෙනඩික් උසස් අධ්‍යාපන මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

     

    ජනාධිපතිතුමාගේ සම්ප‍්‍රාප්තිය සනිටුහන් කරමින් උසස් අධ්‍යාපනය මධ්‍යස්ථාන පරිශ‍්‍රයේ සුදු සදුන් පැළයක් රෝපණය කිරීම ද සිදු විය.

     

    අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ, හිටපු අගරදගුරු අති උතුම් ඔස්වල් ගෝමිස් හිමිපාණන් වහන්සේ, ඉතාලි රදගුරු සම්මේලනයේ සභාපති අති උතුම් ඇන්ජෙලෝ කාදිනල් බෙගැන්කෝ හිමිපාණන් වහන්සේ (Angelo Cardinal Bagnaco) ප‍්‍රමුඛ පියතුමන්ලා ද, කතානායක කරූ ජයසූරිය, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, හිටපු ආක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya