මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපේ දේට ඉහළ වටිනාකමක් ලබාදිය යුතුයි

    දෙසැම්බර් 29, 2015

    අපේ දේට ඉහළ වටිනාකමක් ලබාදෙමින් රට ජයග‍්‍රහණය කරා ගෙන යාමට සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

    අපේ උරුමයන් සහ අපේ දේ අප විසින් අගය කරමින් ඊට රට තුළ ඉහළ වටිනාකමක් ලබාදීම මෙන්ම ජාත්‍යන්තර වෙළඳපොළ ජයග‍්‍රහණය කර ලෝකයේ විශිෂ්ට රාජ්‍යයක් ලෙස අපේ රට නගා සිටුවිය යුතු බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

     

    ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ශී‍්‍ර ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නව ශාකසාර නිෂ්පාදනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (28) පෙරවරුවේ එක්වෙමිනි.

     

    අපේකම් වලට නිසි වටිනාකමක් ලබාදීමට පසුගිය කාලය තුළ කටයුතු නොකිරීම හේතුවෙන් මිල කළ නොහැකි ඉහළ වටිනාකම් ඇති අපේ දේවල් තවමත් යටපත් වී තිබෙන බව ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

     

    අපේ අභිමානවත් සංස්කෘතිය සමඟඅපේ දේ පිළිබඳ කතා කිරීමේදී දේශීය වෛද්‍ය ක‍්‍රමය සහ ආයුර්වේදයට විශේෂ ස්ථානයක් හිමිවන බව පැවසූ ජනාධිපතිතුමා දේශීය වෛද්‍ය විද්‍යාව සහ ආයුර්වේදය ඉදිරියට ගෙන යමින් තව තවත් ජනතාව අතර ප‍්‍රචලිත කිරීමට අවශ්‍ය සියලු සහයන් නව රජය ලබාදෙන බව ද ප‍්‍රකාශ කළේය.

     

    ශී‍්‍ර ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නව ශාකසාර නිෂ්පාදනාගාරය අංක 256, පතිරගොඩ පාර, පමුණුව දරණ ස්ථානයේදී විවෘත කෙරුණු අතර සමරු ඵලකය නිරාවරණය කර නිෂ්පාදනාගාරය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

     

    නව ශාකසාර නිෂ්පාදන සහිත ඇසුරුමක් ශී‍්‍ර ලංකා ආයුර්වේද සංස්ථාවේ සභාපති ලාල් සමරසිංහ මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

     

    සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය, පාර්ලිමේන්තු මන්තී‍්‍ර චතුර සේනාරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya