මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    16 වන බෙනඩික් උසස් අධ්‍යාපන මධ්‍යස්ථානය විවෘත කෙරේ

    දෙසැම්බර් 28, 2015

    ඉතාලි රදගුරු සම්මේලනයේ ආධාර යටතේ මීගමුවේ ඉදි කළ 16 වන බෙනඩික් උසස් අධ්‍යාපන මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය ඊයේ (27) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ සහ ඉතාලි රදගුරු සම්මේලනයේ සභාපති අතිඋතුම් ඇන්ජෙලෝ කාදිනල් බෙගැන්කෝ (Angelo Cardinal Bagnaco) හිමිපාණන් වහන්සේ විසින් ජනාධිපතිතුමා පිළිගත්තහ.

     

    ජනාධිපතිතුමාගේ පැමිණිම සනිටුහන් කරමින් උසස් අධ්‍යාපන මධ්‍යස්ථාන පරිශ්‍රයේ සුදු සදුන් පැළයක් රෝපණය කළේය.

     


    හිටපු අගරදගුරු අති උතුම් ඔස්වල් ගෝමිස් හිමිපාණන් වහන්සේ, ප්‍රමුඛ පියතුමන්ලා ද, කතානායක කරූ ජයසූරිය, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya