මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ දුගීබව භාවය තුරන් කර සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනගනවා

    දෙසැම්බර් 28, 2015

    රටේ ජනතාවගේ දුගී භාවය තුරන් කර සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනැගීමට උදාවන නව වසරේදී කැප වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

    ජනතා හද ගැස්ම පිළිබඳ අවබෝධයකින් යුතුව ඔවුන්ගේ දැවෙන ප‍්‍රශ්නවලට විසඳුම් සෙවීම දේශපාලනඥයින්ගේ වගකීමක් බව ජනාධිපතිවරයා පවසයි.

    ගාලු සමය 2015, ප‍්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (27) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    විවිධ ආගම් අදහන විවිධ භාෂාවන් කතා කරන ජනතාව අතර පමණක් නොව දේශපාලන නායකයින් සහ දේශපාලන පක්ෂ අතර ද අද සංහිඳියා පිළිවෙතක් අවශ්‍ය බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා රට තුළ අසමගිය වපුරනවාද, රට ගොඩනැගීමට සියලුදෙනා එක්වෙනවාද, යන්න අද සියලුදෙනා හදවතින් ඇසිය යුතු ප‍්‍රශ්නයක් බවද කියා සිටියේය.

    රටේ ජනතාවගේ දුගී භාවය තුරන් කර සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා 2016 වසරේ තීන්දු තීරණ රැසකට එළැඹෙන බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා නිදහස් සෞඛ්‍ය මෙන්ම නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීමටත්, කෘෂිකාර්මික රටක් ලෙස ජාතික ආර්ථිකය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙන යාමටත් නව වසරේ නව සැලසුම් රැසක් කි‍්‍රයාවට නංවන බව ද පැවසීය.

    වසරක කළ කී දෑ පිළිබද සෑහිමකට පත්වනවාද යනුවෙන් ඇතමුන් නගන ප‍්‍රශ්නයට තමාගේ ඝෘජු පිළිතුර වන්නේ සැබෑ ලෙසම ඔව් යන්න බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා පසුගිය වසර තුළ රජය ගත් තීන්දු තීරණ මේ රටේ ජනතාවගේ බඩට දැනෙන දේවල් නොව ජනතාවට අවශ්‍ය නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් රටේ යහපාලනය සහ විනිවිද භාවය ඇති කරමින් දුෂණ වංචා සහ අක‍්‍රමිකතා තුරන් කර රටක් ලෙස ගමන් කළයුතු නිවැරැදි ප‍්‍රවේශයකට අවතීර්ණ වීමේ කි‍්‍රයාදාමයක් බවද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

    අද රටේ ආර්ථිකයේ අයහපත් තත්වයක් මතුව ඇත්තේ නව රජය බලයට පත්වී වසරක් තුළ ගෙන ගිය වැඩපිළිවෙළ නිසා නොව දීර්ඝ කාලයක්පුරා පැවති ආර්ථික ක‍්‍රමවල තිබු වැරදි නිසා බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා දේශපාලන වේදිකාවේ කුමන විවේචන, විග‍්‍රහයන් සහ නිර්වචනයන් සිදු කළද රට නිවරැුදි මාවතකට ගෙන යමින් සංවර්ධනය කරා මෙහෙයවන බව කියා සිටියේය.

    ගාලු දිස්ති‍්‍රක්කයට සැණකෙළි සිරියක් ගෙන දෙමින් ගාලු සමය සැණකෙළිය ගාලූ නගරය, ගාලු කොටුව සහ ගාලු වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් ආද ආරම්භ කෙරුණු අතර එය ලබන 31 වෙනදායින් අවසන් කෙරේ.

    ගාලු සමය 2015 ප‍්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක්ද පිළිගැන්විණි.

    අමාත්‍ය චන්දිම වීරක්කොඩි, දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල්ද සිල්වා යන මහත්වරුන්ද ආණ්ඩුකාරවරුන්, ප‍්‍රධාන අමාත්‍යවරුන්, තානාපතිවරුන්, රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya