මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තරුණ පිරිස් නොමග යවන අසංවර වැඩසටහන්වලට ඉදිරියේදී ඉඩක් නැහැ

    දෙසැම්බර් 28, 2015

    රුපියල්, ශතවලට ඉඩ ලබාදී තරුණ සමාජය නොමග යවන අසංවර වැඩසටහන් සංවිධානය කිරීමට රජය මින් ඉදිරියට ඉඩ ලබා නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

    එවන් වැඩසටහන් සඳහා අනුමැතිය ලබාදීමේදී රුපියල් ශතවලට වඩා හොඳ නරක පිළිබඳ අවධානය යොමු කිරීම සියලු දෙනාගේ වගකීමක් බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

    කුමන විවේචනවලට ලක්වුවද අපගේ අභිමානවත් සංස්කෘතියට සහ සදාචාරයට හානිවන කිසිවක් සිදුකිරීමට කිසිවෙකුට තමා ඉඩ ලබා නොදෙන බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේ සමස්ත ලංකා සිසු නිපුණතා ඇගයීම් ත්‍යාග සහ සහතිකපත් ප‍්‍රදානෝත්සවයට ඊයේ (27) පෙරවරුවේ අම්පාර ඞී.එස්. සේනානායක ජාතික පාසලේදී එක් වෙමිනි.

    අපගේ සංස්කෘතිය සහ සාදාචාරය ආරක්ෂා කළ දහම් අධ්‍යාපනය වැඩිදියුණු කිරීමට රජයක් ලෙස කළහැකි සියලු කාර්යයන් ඉටු කරන බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා දිගාමඩුලු දිස්ති‍්‍රක්කයේ දහම් පාසල් 50ක් ඉදිකිරීමට කි‍්‍රයාත්මක වැඩපිළිවෙළට රජයේ උපරිම දායකත්වය ලබා දෙන බවත් ඒවා ඉදිකිරීම සදහා ති‍්‍රවිධ හමුදාවේ සහාය ලබාදීමට කටයුතු කරන බවත් ප‍්‍රකාශ කළේය.

    දහම් පාසල් ආචාර්යවරුන් සිදුකරන කැපකිරීමට රජයෙන් ලබාදෙන ගෞරවයක් ලෙස වසර 10 කට වැඩි කාලයක් දහම් පාසල්වල සේවය කරන ආචාර්යවරුන්ට සාමවිනිසුරු පදවි පිරිනැමීමට ලබන වසරේ සිට කටයුතු කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.

    නව තාක්ෂණය සමග මිනිස්කම පිරිහීයන සමාජයක අපේකම් සහ හැදියාවන් ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙල්දී මහා සංඝරත්නයට සහ සියලු ආගමික පූජකවරුන්ට මහත් කාර්ය භාරයක් පැවරී ඇති බව ද ජනාධිපතිතුමා මෙහිදී සදහන් කළේය.

    දහම් පාසල් තරගවලින් ජයග‍්‍රහණ ලැබූ දරුවන්ට සහතික සහ තිළිණ ප‍්‍රදානය කිරීමටද ජනාධිපතිතුමා එක් විය.

    සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නායක හිමිපාණන් වහන්සේ, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය ගෝනවේ ගුණානන්ද නායක ස්වාමින් වහන්සේ, අම්පාර දිස්ති‍්‍රක් ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය සිරිදිගනේ සිරි තිලකසිරි නායක ස්වාමින් වහන්සේ, ප‍්‍රමුඛ මහා සංඝරත්නයද, අමාත්‍ය විජයදාස රාජපක්ෂ, දයා ගමගේ, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අනෝමා ගමගේ, සාරතී දුෂ්මන්ත මිත‍්‍රපාල, පා.ම ශි‍්‍රයානි විජේවික‍්‍රම යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya