මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති උදුවප් පොහෝ දින ආගමික වැසටහන්වලට එක් වෙයි

    දෙසැම්බර් 24, 2015

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අද (24) පෙරවරුවේ උදුවප් පොහෝ දින ආගමික වැඩසටහන් වලට එක්විය.

    රාජගිරිය සදහම් සෙවන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සංවිධානය කොට තිබු උදුවප් පොහෝ දින ධර්ම දේශනය ශ‍්‍රවණය කිරිමට ජනාධිපතිතුමා එක්වූ අතර ධර්ම දේශකයාණන් වූයේ සදහම් සෙවන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පුජ්‍ය අතුරලියේ රතන හිමිපාණන් වහන්සේය.

    ධර්ම දේශනාව ශ‍්‍රවණය කළ ජනාධිපතිතුමා අටපිරිකර පූජා කොට සංඝ රත්නයේ ආශිර්වාදය ද ලබාගත්තේය.

    ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් ඇතුළු බැතිමතුන් විශාල පිරිසක් මෙම ආගමික වැඩසටහන්වලට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya