මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ”ගෞරවනීය කලුපටි 9 වන ශ්‍රේණිය” සම්මානයෙන් පිදුම් ලබයි

    දෙසැම්බර් 24, 2015

    2015 ජාතික ටයි කොණ්ඩෝ ශූරතාවලියේ තෑගි ප‍්‍රදානෝත්සවය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ මියුසියස් විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයේ දී ඊයේ (23) පස්වරුවේ පැවැත්විණි.

    2015 ජාතික ටයි කොණ්ඩෝ තරගාවලියේ සමස්ත ශූරතාවය දිනාගත් යුද හමුදා කණ්ඩායමට සහ අනු ශූරතාවය දිනූ ගුවන් හමුදා කණ්ඩායමට ජනාධිපතිතුමා අතින් තිළිණ ප‍්‍රදානය කිරීම මෙහිදී සිදුවිය.

    දැනට ලෝකයේ රටවල් 10 කට ආසන්න රාජ්‍ය නායකයින්ට පමණක් පිරිනමා ඇති ”ගෞරවනීය කලූපටි 9 වන ශ්‍රේණිය” නම් ගෞරව සම්මානයක් ලෝක ටයි කොණ්ඩෝ සම්මේලනය විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාට පිරිනැමීම මෙහි කැපී පෙනෙන සිදුවීම විය.

    මතින් තොර රටක් හා නිරෝගිමත් දරුවන් තුළින් ජයග‍්‍රාහී ක‍්‍රීඩා පරපුරක් බිහිකිරීමට දරන්නා වූ උත්සාහය අගයමින් ජනාධිපතිතුමාට මෙම ගෞරව සම්මානය පිරිනැමිණ.

    කොරියාවේ සිට පැමිණි කණ්ඩායමක් විසින් පැවැත්වූ දර්ශනීය ටයි කොණ්ඩෝ සංදර්ශනයක් නැරඹීමට ද ජනාධිපතිතුමා එක්විය.

    ශ‍්‍රී ලංකා ටයි කොණ්ඩෝ සම්මේලනයේ විධායක කමිටු සාමාජිකයන් ජනාධිපතිතුමා සමග සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

    මෙම තෑගි ප‍්‍රදානෝත්සවය සඳහා ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, ජාතික ටයි කොණ්ඩෝ සම්මේලනයේ සභාපති පා.ම. හර්ෂණ රාජකරුණා, කොරියානු තානාපති Chang Won-sam, ලෝක ටයි කොණ්ඩෝ ඇකඩමියේ සභාපතිතුමා ආචාර්ය Un Yong kim, ජාතික පුහුණුකරු ki Su Lee යන මහත්වරුන් ඇතුළු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya