මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැණික් හා පතල් සංගම් සමඟ ජනපති සාකච්ඡා කරයි

    දෙසැම්බර් 24, 2015

    ලංකා මැණික් ව්‍යාපාරිකයන්ගේ සහ පතල් කරුවන්ගේ මහා සංගමය සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අතර සාකච්ඡාවක් ඊයේ (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

    මැණික් ව්‍යාපාරිකයන්ට සහ පතල්කරුවන්ට අදාළව පැන නැගී ඇති ගැටලු පිළිබඳව සහ මැණික් ගැරීමේදී පාෂාණවල අඩංගු රත්ත‍්‍රන් ප‍්‍රභේද වෙන්කර හඳුනාගැනීම සඳහා නිපදවූ නව යන්ත‍්‍රයක් පිළිබඳව මෙහිදී ඔවුන් ජනාධිපතිතුමා දැනුවත් කළහ.

     

    එම යන්ත‍්‍රය භාවිතයෙන් වෙන්කර ගත් රත්තරන් නියැදියක්ද ජනාධිපතිතුමාට ඉදිරිපත් කළ ඔවුන් එම යන්ත‍්‍රය රටට හඳුන්වාදීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස ද ඉල්ලා සිටියහ.

     

    එම නව නිපැයුම සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් සහ තම වෘත්තීන් වලදී ඔවුනට පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන් වන වාර්තාවක් ද ලබන ජනවාරි මස අග භාගය වනවිට තමාට ලැබීමට සලස්වන ලෙස ජනාධිපතිතුමා එම නියෝජිත පිරිසට උපදෙස් ලබා දුන්නේය.

     

    තවද විදේශීය සමාගම් ශ‍්‍රී ලංකාවේ මැණික් කැණීම් කටයුතු වල නිරත වන බවට වන චෝදනා ප‍්‍රතික්ෂේප කළ ජනාධිපතිතුමා, කිසිදු විදේශීය සමාගමකට මෙරට තුළදී මැණික් කැනීම් සඳහා ඉඩ ලබා නොදෙන බව ද එය තමාගේ මැතිවරණ පොරොන්දුවක් ඉටු කිරීමක් යැයි ද සඳහන් කළේය.

     

    මෙම සාකච්ඡාවට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති අසංක වෙළගෙදර, මැණික් හා පතල්කරුවන්ගේ සංගමයේ සභාපති සරත් ආනන්ද, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ඉන්ද්‍රා මල්වත්ත යන මහත්ම මහත්මීන් ඇතුළු එම සංගම් නියෝජිතයින් රැසක් එක්ව සිටියහ.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya