මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියලූ මුස්ලිම් ජනතාවට ප්‍රීතිමත් හා අර්ථවත් මිලාදුන් නබි උත්සවයක් වේවා - අගමැති

    දෙසැම්බර් 24, 2015

    අද දිනයේ (24) නබි නායකතුමාගේ උපන්දිනය සමරන මුස්ලිම් බැතිමතුන් වෙත සිය සුභාශිංසන පළ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පණිවිඩයක් නිකුත් කර ඇත.

     

    අගමැතිතුමාගේ එම පණිවිඩය මෙසේය:

    “මනුෂ්‍යත්වයෙන් පිරිපුන් ගෞරවණීය සමාජයක් ගොඩනැඟීම වෙනුවෙන් කැප වූ නබි නායකතුමන්ගේ උපන්දිනය, අද ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමත්හු මහත් උත්සවාකාරයෙන් සමරති. ධර්මය සිය පෞද්ගලික විශ්වාසය පමණක් නොව ජීවන රටාව ද කරගත් එතුමාණෝ විශිෂ්ඨ ආගමික ශාස්තෘවරයෙකි.

     

    දෙවියන් වහන්සේ විසින් ඉස්ලාම් ආගමේ අවසන් නබිතුමා වශයෙන් මුහම්මද් නබි නායකතුමාණන් එතුමන්ගේ 40 වැනි වියේ දී තෝරා ගනු ලැබූ බව සඳහන් වේ.

     

    එවක භේදබින්නව පැවති අරාබි පරිසරය සහෝදරත්වයේ, සාමයේ හා පරිත්‍යාගයේ සංකේතයක් වශයෙන් පරිවර්තනය කරමින්, උතුම් සාරධර්ම සපිරි සමාජයක් නිර්මාණය කරලීමට නබිතුමාණන් ගත් උත්සාහය අප ද ආදර්ශයට ගත යුතු ය.

     

    නබිනායකතුමන්ගේ උපන් දින සැමරුම වඩ වඩාත් අර්ථ පූර්ණ කර ගත හැක්කේ සියලූම අන්තවාදයන් පරදවමින් උන්වහන්සේ පෙන්වා දුන් එබඳු යහපත් සමාජයක් නිර්මාණය කරලීමට අපගේ පූර්ණ දායකත්වය ලබා දීමෙනි.

     

    සියලූ මුස්ලිම් ජනතාවට ප්‍රීතිමත් හා අර්ථවත් මිලාදුන් නබි උත්සවයක් වේවායි ප්‍රාර්ථනා කරමි.“

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya