මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔබ සැමට අසිරිමත් හා අර්ථවත් නත්තලක් - අගමැති

    දෙසැම්බර් 25, 2015

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නත්තල් දින පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍රී ලාංකික කිතුණු ප්‍රජාවට සුභාශිංෂන පළ කරයි.

    අගමැතිතුමාගේ නත්තල් දින පණිවිඩය :

     

    “ආදරය, පරිත්‍යාගය, කැපවීම තුළ දේවත්වය සහ මනුෂ්‍යත්වය එක්සත් වන අයුරු ලොවටම කියා දුන් කිතු සමිදාණනගේ උපත සමරන අසිරිමත් උත්සවය නත්තලයි.

     

    විමුක්තියේ මඟ කියාදෙන්නට, ප්‍රේමයේ ජීවිතය පහදා දෙන්නට මනු බව ගත් දේව පුත්‍රයාගේ උපත මහත් උත්කර්ශයෙන් සමරන අපි එතුමන්ගේ ජීවිතාදර්ශය තුළ අපගේ ජීවිත ගොඩනඟා ගන්නට ද උත්සාහ කළ යුතු වෙමු.

     

    වර්තමාන සමාජය ඉල්ලා සිටින්නේ ද ජාති, ආගම් භේද නොසලකන සාමය, සතුට පිරුණු දේවත්වය සහ මනුෂ්‍යත්වය අත්වැල් බැඳගත් යහපත් පරිසරයකි. ගුණ දම් සපිරි වටපිටාවකි. නීතිය, සාමය හා යුක්තිය රජයන යහපත් දේශයකි.

     

    ඒ වෙනුවෙන් එක්සත්ව, එක්සිත්ව කටයුතු කිරීම අපගේ යුතුකම වේ.

     

    ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදුවූ නත්තල් දිනය සමරන අප සැමට නත්තල අර්ථවත් කර ගත හැක්කේ එවිටය.

     

    ඔබ සැමට අසිරිමත් හා අර්ථවත් නත්තලක්..!“

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya