මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්ස්‍ය තහනම ඉවත් කිරීමේ යෝජනාව යුරෝපා පාර්ලිමේන්තුවට- මත්ස්‍ය තහනමට දේශපාලන කාරණත් හේතු වුණා - අමාත්‍ය මහින්ද අමරවීර

    දෙසැම්බර් 22, 2015

    යුරෝපා මත්ස්‍ය තහනමට දේශපාලන කාරණත් හේතු වූ බවත් ශ්‍රී ලංකාවට එරෙහිව පවතින යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීම සඳහා වන යෝජනාව ඉදිරි මාස කීහිපය තුළ යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.

    යුරෝපා සංගමයේ තාක්ෂණික කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණියා.ඒ අය අගය කළා, පැහැදුණා,හොඳ නිර්දේශ ලබාදෙන්න එකඟ වුණා.ජනාධිපතිතුමා ඉල්ලා සිටියා මත්ස්‍ය තහනම ඉවත් කිරීමට සහයෝගය ලබාදෙන්න කියා, එන මාස කිහිපය තුළ යුරෝපා පාර්ලිමේන්තුවට අපේ මත්ස්‍ය තහනම ඉවත් කිරීම පිළිබඳව යෝජනාව ඉදිරිපත් වෙනවා.

     

    වසරකට ඇමෙරිකන් ඩොලර් මිලියන 100කට වඩා පාඩු වුණා. ධීවර කර්මාන්ත කඩා වැටීමක් සිදු වුණා. ඉදිරි කාල පරිච්ඡේදය තුළ එය
    සම්පූර්ණයෙන් ඉවත් කර ගැනීමට හැකියාව ලැබෙනවා.ජනාධිපතිතුමා, අගමැතිතුමා, විදේශ ඇමැතිතුමා, කැබිනට් මණ්ඩලය සහ ජාතික ආණ්ඩුව නිසයි මේ අවස්ථාව ලැබෙන්නේ.

    අමාත්‍යවරයා අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මේ බව පැවසී ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya