මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ මුදල් ලබාදීමේ දෙවන අදියර ජනපති සුරතින්

    දෙසැම්බර් 22, 2015

    ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ මුදල් නැවත ලබාදීම යටතේ මිලියන දෙකේ සිට මිලියන දහය දක්වා තැන්පත් කළ තැන්පත්කරුවන්ට මුදල් ලබාදීම ඊයේ (21) ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණි.

    මෙහි පළමු අදියර ලෙස මිලියන දෙකට අඩු තැන්පත්කරුවන් සඳහා මුදල් නැවත ලබාදීම ජනාධිපතිවරණයෙන් අනතුරුව දින සියය වැඩසටහන තුළදී සිදුකෙරුණු අතර දෙවන අදියර යටතේ මුදල් ලබාදීම සංකේතවත් කරමින් තැන්පත්කරුවන් 15 දෙනෙකුට මුදල් ප‍්‍රදානය ජනාධිපතිතුමා අතින් සිදුකරන ලදී.

     

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජනාධිපතිවරණයේ මැතිවරණ පොරොන්දුවක් අනුව ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට මෙලෙස මුදල් නැවත ලබාදීම සිදුකෙරිණි.

     

    මෙම අවස්ථාවට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ද එක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya