මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ නගරය මෙන්ම ජනතාවගේ ජීවිත සුන්දර කිරීමේ වගකීම ද ඉටු කරනවා - ජනපති

    දෙසැම්බර් 22, 2015

    කොළඹ නගරයේ අලංකාරය සහ සුන්දරත්වය සේම එහි ජීවත්වන ජනතාව ආර්ථික වශයෙන් නගා සිටුවමින් ඔවුන්ගේ ජීවිත සුන්දර කිරීමේ වගකීම ද ඉටු කරන බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ කොළඹ මහ නගර සභාවට වසර 150 ක් සපිරීමට සමගාමීව එහි සේවකයින්ට උපහාර පුද කිරීම වෙනුවෙන් ඊයේ (21) පස්වරුවේ එහි පැවතී උත්සවය අමතමිනි.

     

    කොළඹ නගරය අලංකාර සහ සුන්දර නගරයක් ලෙස ගොඩ නැගුවත් එහි දුගී පැල්පත්වල කටුක ජීවිත ගත කරන ජනතාවගේ ගැටලූවලට විසදුම් ලැබී නොමැති බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා කොළඹ නගරයේ මහ මන්දිරවල සුඛෝපභෝගි ජීවිත ගත කරන පිරිසත්, ඒ අසළම දුගී දුප්පත් පැල්පත්වල සිට සුසුම් හෙළන පිරිසත් අතර ඇති නැති පරතරය අවම කරමින් සියලූ ජනතාව ආර්ථික වශයෙන් නගා සිටුවීම නව රජයේ අරමුණ බව ද ප‍්‍රකාශ කළේය.

     

    රටේ සංවර්ධනය සමග ඇති නැති පරතරයට තිත තැබිය යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

     

    මහා නගර සංවර්ධනය උදෙසා නව රජය යටතේ වෙනම අමාත්‍යාංශයක්ද ස්ථාපිත කර තිබෙන අතර මහ නගර සංවර්ධන සැලැස්ම ලබන ජනවාරි 08 වනදා සිට කි‍්‍රයාවට නංවන බව පැවසූ ජනාධිපතිතුමා නගර අලංකාරය මෙන්ම ඒහි ජීවත්වන ජනතාවගේ ජීවිත සුන්දර කිරීම එම වැඩපිළිවෙලේ අරමුණ බව කියා සිටියේය.

     

    කොළඹ මහ නගර සභාව ආ ගමන් මග, සමරු ග‍්‍රන්ථයද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුණු අතර නවීකරණය කරන ලද වෙබ් අඩවිය විවෘත කෙරුණේද ජනාධිපතිතුමා අතිනි.

     

    වසර 25 කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කළ සේවකයින් සිය දෙනෙකුට තිළිණ ප‍්‍රදානය කිරීම සංකේතවත් කරමින් තිළිණ ප‍්‍රදානය ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

     

    නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා විසින් ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වීය.

     

    කොළඹ මහ නගර සභා පරිශ‍්‍රය තුළ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ආලේඛ්‍ය චිත‍්‍රයක් විවෘත කිරීමද කථානායක කරූ ජයසුරිය මහතා අතින් මේ හා සමගාමීව සිදු විය.

     

    එහදී නාගරික මන්ති‍්‍රවරුන් 53 දෙනෙකුට සමරු තිළිණ ද ප‍්‍රදානය කෙරිණි.

     

    අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, ඒ.එච්.එම්. ෆවුසි, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය, පා.ම හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් ද කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා සහ හිටපු නගරාධිපතිවරුන්, නාගරික මන්තී‍්‍රවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya