මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි මාස 6 තුළ උතුරේ අවතැන්වූවන්ගේ ගැටලුව විසඳනවා – ජනපති

    දෙසැම්බර් 21, 2015

    ජනතා ඡන්දයෙන් මිස කුමන්ත‍්‍රණවලින් ආණ්ඩු හැදීමට තමා ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

    ජාතික ආරක්ෂාව බිඳ වැටී ඇති බව පවසමින් ඉක්මණින් ආණ්ඩුවක් හැදීමට අද අන්තවාදී පිරිසක් සිහින දකිමින් සිටින අතර අන්තවාදීන්ට ආණ්ඩු හැදීමට ජනතාව ඉඩ නොතබන අතරම පාර්ලිමේන්තු කුමන්ත‍්‍රණවලින් ආණ්ඩු හැදීමට තමා සහ අග‍්‍රාමාත්‍යවරයා කිසිසේත් ඉඩ නොතබන බවද ජනාධිපතිතුමා පැවසීය.

     

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (20) පස්වරුව් යාපනය නගර සභා කි‍්‍රඩාංගණයේ පැවති රාජ්‍ය නත්තල් උත්සවය අමතමිනි.

     

    රටේ ජාතික ආරක්ෂාව බිද වැටි ඇති බව පවසමින් කොළඹ ශාලා තුළ ප‍්‍රවෘත්ති සාකච්ඡා පවත්වන අයට යුද්ධයක් ඇතිවීම පිළිබඳව නොව යුද්ධය ඇතිවීමට හේතු වූ කරුණු පිළිබඳ උතුරට ගොස් සොයා බලන ලෙස තමා ආරාධනා කරන බව මෙහිදී පැවසූ ජනාධීපතිතුමා අවශ්‍ය නම් ඒ සඳහා ප‍්‍රවාහන පහසුකම් සළසා දිය හැකි බවද කියා සිටියේය.

     

    පාර්ලිමේන්තුව, පළාත් සභාව තුළ පමණක් නොව ජනමාධ්‍ය තුළද අද කතා කිරීමට සහ ලිවීමට ලැබී ඇති නිදහස වැරදි ලෙස භාවිතා නොකොට රටේ සාමය, සංහිදියාව සහ සහජීවනය වෙනුවෙන් එය භාවිතා කරන ලෙස මෙහිදී ඔවුන්ගෙන් ඉල්ලා සිටි ජනාධිපතිතුමා තම පටු දේශපාලන අරමුණු පසෙකලා රටේ නිදහස, සාමය සහ සංහිඳියාව ගොඩනැඟීම, ජනතාවගේ දුගී භාවය තුරන් කර රට සංවර්ධනය කරා ගෙන යාම මෙන්ම මේ රටේ නැවත යුද්ධයක් ඇතිවීම වැළැක්වීම යන පොදු කරුණු වටා පෙළගැසෙන ලෙසද ඉල්ලා සිටියේය.

    උතුරේ අවතැන්වූ ජනතාවගේ ගැටලූව විසදීමට ඉදිරි මාස 06 තුළ පියවර ගන්නා බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් කාර්ය සාධක බලකායක් පත් කරන බවත් දේශපාලන නායකයින්, රාජ්‍ය නිලධාරින්, ති‍්‍රවිධ හමුදාව ඇතුළු සියලුදෙනා එය නියෝජනය කරන බවත් ප‍්‍රකාශ කළේය.

     

    උතුරේ සහ දකුණේ ජනතාව එකට ජීවත්වීමට නම් රටට සදාකාලික සාමයක් අවශ්‍ය වන අතර අද මේ රටේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත වී ඇති බවත් යුද්ධයක් යළි රට තුළ ඇතිවීමට කිසිසේත් ඉඩ නොතබන බවත් ජනාධිපතිතුමා කියා සිටියේය.

     

    උතුරේ, නැගෙනහිර, බටහිර, කන්ද උඩරට සියලු ජනතාව එක්ව නව රජය බලයට පත්කරගනිමින් තැබූ අපේක්ෂා කිසිදු අයුරකින් කඩ නොකර ඒවා නිසි අයුරින්ම ඉටු කිරීමට ඉදිරි වසර කිහිපය තුළ කැපවන බවද ජනාධිපතිතුමා මෙහිදි වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

     

    ශී‍්‍ර ලංකාවේ අපෝස්තලික තානාපති අතිඋතුම් දේවධර්මාචාර්ය පියර් නුයේන් රදගුරු හිමිපාණන් වහන්සේ, යාපනය රදගුරු අති උතුම් දේවධර්මාචාර්ය ජස්ටින් බර්නාඞ් ඥානප‍්‍රගාසම් හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ පියතුමන්ලාද, අමාත්‍ය ජොන් අමරතුංග, උතුරු පළාත් ආණ්ඩුකාර එච්.එම්.ජී.එස්. පලිහක්කාර, ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අරුන්දික ප‍්‍රනාන්දු, විජයකලා මහේෂ්වරන්, පාරලිමේන්තු මන්ති‍්‍ර අංගජන් රාමනාදන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    මේ අතර අද දහවල් යාපනය රදගුරු නිවස වෙත ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා යාපනය රදගුරු අති උතුම් ජස්ටින් බර්නාඞ් ඥානප‍්‍රගාසම් හිමිපාණන් වහන්සේ බැහැ දුටුවේය.

    ජනාධිපතිතුමා සමග සුහද කතා බහක නිරත වූ රදගුරු හිමිපාණන් වහන්සේ එතුමා වෙත සිය ආශිර්වාද පළ කළහ.

    අමාත්‍ය ජෝන් අමරතුංග, රාජ්‍ය ඇමතිනි විජකලා මහේෂ්වරන්, යාපනය දිස්ති‍්‍රක් පා.ම අංගජන් රාමනාදන් යන මහත්වරුන් ඇතුථ පිරිසක් එම අවස්ථාවටද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya