මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආයෝජනය පිළිබඳ නීති පද්ධතිය සමාලෝචනය කරනවා

    දෙසැම්බර් 19, 2015

    තරඟකාරි ආයෝජනය දිරිමත් කිරීමට හා ධරිතාවය වැඩි කිරීමට කටයුතු කරන බවත් ආයෝජනය පිළිබඳ නීති පද්ධතිය සමාලෝචනය කරන බවත්සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි.

    අමත්‍යවරයා අද (19) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ
    අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ විවාදයේ අඳහස් දක්වමිනි.


    පසුගිය කලය තුළ අපගේ අපනයනය සියයට 32% සිට සියයට 14% දක්වා අඩුවෙලා.සේවා අපනයනය සියයට 5%කින් අඩුවෙලා.දුර්වල අපනයනය තමයි මෙයට මූලික හේතුව.අයවැය පරතරය දිගින් දිගටම වැඩි වී තිබෙනවා.වියදම් පියවා ගැනීමට ණය ලබාගැනීමට සිදු වුණා.මේ තත්ත්වය තවදුරටත් පවත්වා ගෙන යාමට බැහැ. රැකියා නිෂ්පාදනය කිරීම සඳහා අපනයනය සංවර්ධනය කිරීමට වැදගත්.

     

    යාපනය,ත්‍රීකුණාමලය,කිළිනොච්චියේ ආර්ථික කලාප පිහිටුවීමට කටයුතු කරනවා.අයෝජන අකර්ෂණය කළ යුතුයි.චීනය දුප්පත්
    ආර්ථිකයක් තිබූ රටක් නමුත් වාසනාවකට නව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් ලෝ ආර්ථික බලවතෙක් වුණා.


    අපනයනය වර්ධනය කිරීමට පියවර ගණනාවක් ගෙන තිබෙනවා.තවත් ද්විපාර්ශවික.ගිවිසුම් ගණනාවක් ගැන සළකාබලමින්
    සිටිනවා.අපි සීෆා ගිවිසුම අත්සන් කරන්නේ නෑ.අපනයන සංවර්ධන මණ්ඩලය උපාය මාර්ග සැළමකට මූලික රාමුවක් සකස් කරනව,
    අපනයනය ප්‍රවර්ධනය සඳහා.කාර්යසාධක බලකායක් පිහිටුවනවා. ආයෝජනය පිළිබඳ නීති පද්ධතිය සමාලෝචනය කරනව. තරඟ කාරි
    ආයෝජනය දිරිමත් කරන්නට හා ධරිතාවය වැඩි කිරීමට කටයුතු කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya