මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වතු වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් කම්කරු ඇමැති පාර්ලිමේන්තුව දැනුවත් කරයි

    දෙසැම්බර් 19, 2015

    වසර 2016 ජනවාරි මාසයේ සිට දැනට යෝජනා වී ඇති රුපියල් 100ක දීමනාවට සමාන මුදලක් වතු සේවක වැටුපට එකතු කිරීමට අනිවාර්යයෙන් පියවර ගන්නා බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (19) පාර්ලිමේන්තුවේ දී වතු වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් පවතින වර්තමාන තත්ත්වය පිළිබඳව
    පාර්ලිමේන්තුවට කරුණු පැහැදිළි කරමින් මේ බව පැවසී ය.

     

    දැනට ගෙවන දෛනික වැටුප රුපියල් 450 සිට 500 දක්වාත් පමිණීමේ දිරි දීමනාව 140 සිට 240 දක්වාත් මිල මත රඳන පරිපූරකය මිල එළෙසම රුපියල් 30 සීමාවේ තබමින් රුපියල් 620 සිට රුපියල් 770 දක්වා රුපියල් 150ක වැඩි වීමක් යෝජනා කළා.

     

    ඉල්ලීම අනුව දෙසැම්බර් 15 දින සාකච්ඡා කිරීමට කල්තබන ලදී.දිගින් දිගටම කරුණු ගෙනහැර පාමීන් වතු කළමනාකරණ පක්ෂයට මෙම ගෙවීම කිරීම හෝ වතු ක්ෂේත්‍රයේ කාර්මික සාමය ඇති කිරීම සඳහා අත්‍යාවශ්‍ය බව පෙන්වාදුන් නමුත් ඒ සඳහා එකඟවීම ප්‍රතික්ෂේප කරන ලදී.ඊයේ දිනයේ දී නැවතත් සාකච්ඡාවක් පැවැත්වුවා.

     

    මේ රටේ වෘත්තීය සමිති අමාත්‍යවරයා ලෙස අවශ්‍ය පියවර ගැනීමට මා කටයුතු කරන බව සභාවට දන්වා සිටිනවා.වැවිලි ක්ෂේත්‍රයේ
    සේවක වැටුප් වැඩිවීම සම්බන්ධව දෙපාර්ශවය අතර සාමූහික ගිවිසුම් අත්සන් කිරීම සඳහා උනන්දු කිරීමට මා කැප වී අවශ්‍ය
    කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya