මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ජාතික ප්‍රශ්නය විසඳන්නට පියවර ගෙන තිබෙනවා

    දෙසැම්බර් 19, 2015

    රටේ ජාතික ප්‍රශ්නය විසඳන්නට පියවර ගෙන තිබෙන බවත් යාපනයේ ජනතාවගේ ඉඩම් ආපසු ලබාදෙන්නට සාකච්ඡා කරගෙන යන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    අග්‍රාමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ,රටේ ආර්ථික කටයුතු සිදු කරන අවස්ථාවේ දී උතුරු නැඟෙනහිර ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පිළිබඳවද අවධානය යොමු කර තිබෙන බවය.

     

    අලුත් මැතිවරණ ක්‍රමය පිළිබඳව සාකච්ඡා කරමින් යනවා. මේ රටේ වාහන තදබදය අඩුවෙන්න ඕන, ප්‍රවාහන ඇමැතිතුමාට හා මහා
    නගර අමාත්‍යතුමාටත් බාර දී තිබෙනව, මේ පිළිබඳව කෙටිකාලීනහා දීර්ග කාලීන වැඩසටහනක් ලබාදෙන්න කියල.ප්‍රමුඛත්වය දෙන්නේ
    හොඳ ප්‍රවාහන සේවයක් ඇතිකරන්න මධ්‍යම පන්තියටත් පාවිච්චි කරන්න හැකි ප්‍රවාහන සේවයක් ඇති කරගන්න.


    ඇමෙරිකානු මුදල් ලබාගෙන මේ රටේ උසස් අධ්‍යාපනය, පර්යේෂණ කටයුතු ශක්තිමත් කරන්න. මේ මුදල් ලැබෙන්නේ, අපි ඔක්කොම රට එකතුවෙලා,යහපාලනයට යන්න ගත් තීරණය නිසා.දැන් ලෝකය අපට ආධාර දෙනවා.විපක්ෂය ලබාදුන් සහයෝගයට ස්තූතිවන්ත වෙනවා.

     

    මේ රටේ ජාතික ප්‍රශ්නය විසඳන්නට පියවර ගෙන තිබෙනවා.රටේ ආර්ථික කටයුතු සිදු කරන අවස්ථාවේ දී අවධානය යොමු කර
    තිබෙනවා,උතුරු නැඟෙන හිර ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ගැන.උතුරේ ජනතාවට,විශේෂයෙන් යාපනයේ ජනතාවට
    ඉඩම් ආපසු ලබාදෙන්නට.මේ ගැන සාකච්ඡා කරගෙන යනවායැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.


    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya