මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්ථික කළමණාකාර කොමිටියෙන් සංශෝධිත වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා

    දෙසැම්බර් 19, 2015

    අයවැයේ සාකච්ඡා වූ සංශෝධන ගණනාවක් ක්‍රියාත්මක කරන බවත් ලබන වසරේ ජනවාරී මස ආර්ථික කළමණාකාර කොමිටියෙන් සංශෝධිත වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අග්‍රාමාත්‍යවරයා අද (19) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් තවදුරටත් කියා සිටියේ වෘත්තීය සමිති ගෙනා යෝජනා පිළිබඳව ද
    අවධානය යොමු කළ බවයි.ඉදිරි වසර පහතුළ සිදු කරන වැඩසටහන සාකච්ඡා කරගෙන යන බවත් ඒවා ක්‍රියාත්මක කරන්න අවශ්‍ය
    යාන්ත්‍රණය සකසන බවත් පැවසී ය.

     


    අමාත්‍යාංශ ප්‍රථමව ඇති කළේ දින සියයේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නයි.ඉදිරි වසර පහතුළ සිදු කරන වැඩසටහන සාකච්ඡා
    කරගෙන යනවා.ප්‍රථම වරට ප්‍රධාන පක්ෂ දෙකක් ආණ්ඩුවක් ඇතිකර තිබෙනවා.ජනතාවට විශාල බලාපොරොත්තුවක්
    තිබෙනවා.ඒවා ක්‍රියාත්මක කරන්න අවශ්‍ය යාන්ත්‍රණය අපි හදනවා.ඒ හැන ජනවරි මස නීති කෙටුම්පත් සභාවට ඉදිරිපත්
    කරනවා.අලුත් ඇමැති මණ්ඩලයේ ආයතනයක් ඇති කර තිබෙනවා,ආර්ථික කළමනාකාර කොමිටිය ලෙස.ඒ අනුව ආර්ථික
    වැඩකටයුතු මෙහෙයවන්නේ.

     

    මේ අයවැය ඉදිරිපත් කළේ,ජාතික ආණ්ඩුවක් ලෙස.අපි තීරණය කළා මේවා පිළිබඳව තවත් කරුණු ඉදිරිපත් කරනවානම්,අඩුපාඩු කම්
    තිබෙනවා නම්,අපි කාරකසභා අවස්ථාවෙන් ප්‍රයෝජනයක් අරගෙන කටයුතු කරමු.බොහෝ දෙනෙක් අඳහස් ප්‍රකාශ කර තිබෙනවා.

     

    එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු සාකච්ඡා කළා.ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ
    මන්ත්‍රීවරු,ඇමැතිවරු කීපදෙනෙක් සමඟ සාකච්ඡා කළා.අයවැයේ සංශෝධන සාකච්ඡා කළා.ඒවා ගණනාවක් ක්‍රියාත්මක කරනවා.

     

    ඒ සංශෝධන ගැන අවධානය ජනවාරි මාසයේ දී යොමු කරනවා.වෘත්තීය සමිති ගෙනා යෝජනා පිළිබඳව ද අවධානය යොමු
    කළා.මේ යෝජනා සංශෝධනය වීම් නිසා සමහරවිට ආදායම අඩුවීමක් තිබෙනවා.වියදම වැඩවීමක් තිබෙනවා. මේ සියල්ල ,ලබන
    වසරේ ජනවාරී මස ආර්ථික කළමනකාර කොමිටියෙන් සංශෝධිත වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න යැයි ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya