මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වොක්ස්වැගන් සමාගම කඩාවැටී නැහැ

    දෙසැම්බර් 19, 2015

    ජර්මනියේ වොක්ස්වැගන් සමාගම කඩාවැටිලා නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (19)  පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහත විසින් වොක්ස්වැගන් මෝටර් රථ සමාගම ශ්‍රී ලංකාවේ කරන ආයෝජනය
    සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මතු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමත්‍යවරයා විසින් මේ බව පැවසී ය.

     

    එහිදී වැඩිදුරටත් අඳහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේ ද පැවසී ය.


    මෙම ආයතනය ආවේ 2015 නොවේ ඊට පෙරත් ආවා.අකිල විරාජ් කාරියවසම් අමාත්‍යතුමා, මලික් සමරවික්‍රම අමාත්‍යතුමා, එස්.බී නාවින්න අමාත්‍යතුමා ඒ සම්බන්ධව ක්‍රියා කරගෙන යනවා. වොක්ස්වැගන් සමාගම කඩාවැටිලා නෑ.ජර්මන් රජයෙන් ඇසුවා.

    සමාගමක් වරදක් කරනකොට දඬුවම් කරනවා.ලැබුණු වාර්තාව අනුව, කවුරුත් තම කර්මාන්තශාලා වහලා නෑ. ජර්මන් තනාපති අත්සන් කළා.මූලික ආයෝජනය සෙනොක්ස් සමාගමෙන් දාන්න, ඊට පස්සේ එනවා කිවා.මේක ගෙනවිත්,කුරුණෑගල මහින්ද රාජපක්ෂ මහතාගේ අයට රැකියා දෙන්න. මේ අය එකට විරුද්ධද?මොකක්ද තරහා.


    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා- ජර්මනියේ වොක්ස්වැගන් සමාගමේ ශ්‍රී ලංකාවේ නියෝජිතයා සෙනෝක් 
    සමාගමයි.කුලියාපිටියේ කර්මාන්තශාලාව හදන ඉඩම, ඒ මුදල් ගෙවලා, වැඩකටයුතු අවසන් කර තිබෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya