මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික විධායක සභාව නමින් ආයතනයක් නෑ- අගමැති

    දෙසැම්බර් 19, 2015

    ජාතික විධායක සභාව නමින් ආයතනයක් නොතිබූ බවත් සිවිල් සංවිධන හා පක්ෂ රැසක් එකතුවී දින 100 වැඩසටහන ක්‍රියාත්මක කිරීම ගැන සාකච්ඡා කිරීමට ඇතිකරගත් මණ්ඩලයක් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ ය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් රජය මඟින් ජාතික විධායක සභාවක් ආරම්භ කළාදැයි විමසූ වාචික
    ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසී ය

     


    රජයේ එහෙම ආයතනයක් ඇතිකර නෑ.එහෙත් මෛතිපාල සිරිසේන මැතිතුමාගේ ජයග්‍රහණයට එකතු වූ සිවිල් සංවිධාන එකතු
    වෙලා, දින 100 වැඩසටහන ක්‍රියාත්මක කිරීම ගැන සාකච්ඡා කිරීමට මණ්ඩලයක් ඇති කළා, එයට ජාතික විධායක සභාව කියලා කිව්වා.


    දේශපාලන හා සිවිල් සංවිධාන ස්වේච්ඡාවෙන් ඇතිකර ගත් සංවිධායක්.පූජ්‍ය සොභිත ස්වාමීන් වහන්සේ ඇතුළු අනෙක් අයත්
    සංවිධාත් සහභාගි ඉවුණා.ආණ්ඩුපක්ෂයේ, විපක්ෂයේ පක්ෂ තිබුණා. ඉන් අපි දේශපාලන තීන්දු අරගෙන,විශාල වැඩසටහනක්
    කළා.අපි වගකීමක් බාර ගත්තා.එයට ජාතික විධායක සභාව කිව්වා.

     

    අපිට ඕන නමක් දෙන්න පුළුවන්. අපේ එක්සත් ජාතික පක්ෂයෙත් තියෙනවා කෘත්‍යාධීකාරී මණ්ඩලයට අමතරව,අපිට ජාතික විධායක
    සභාවක් තිබෙනවා. ඒවා පාර්ලිමේන්තුවෙන් පිට ඒවා.එක එක සංවිධාන තිබෙනවා.පර්ලිමේන්තුවේ විපක්ෂය නිල වශයෙන්
    තියෙනවා.කතානායකතුමා පිළිගෙන තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂය කියලා කිව්වාට අපි මොනවා කරන්නද?කියන්න පුළුවන්.අපිට
    ප්‍රශ්නයක් නෑ.


    මේ රටේ ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකතුමා, සන්ධනයේ නායකයෙක්. එතුමත් එහි සාමාජිකයෙක්. එතුමා
    කියන්නේ එතුමගේ නායකය මිනී මරු සංවිධානයක සභාපති කියලද?කරුණාකරලා කියන්න.තමන්ගේ නායකයට බනින්න
    එපා.ජනාධිපතිතුමා ආවේ මේ රටේ මිනී මැරුම් නවත්වන්නයි.අද කවුද මිනී මරුවේ කියලා පේනවා.ජනාධිපතිතුමාට ස්තූතිවන්ත
    වෙන්න අවශ්‍යයි,මේ අවිචාර සමයයි,මිනී මැරුම් යුගයයි අවසන් කිරීම පිළිබඳව.ඒකාබද්ධ විපක්ෂය කියන්නේ කාගේ
    කොකාද?යනුවෙන් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya