මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යහපත් සමාජක් වෙනුවෙන් කලාකරුවට විශිෂ්ට මෙහෙවරක් කළ හැකිය

    දෙසැම්බර් 19, 2015

    යහපත් සමාජ වටිනාකම් වාණිජ සමාජය විසින් උදුරා ගනිමින් සිටිද්දී එම වටිනාකම් සුරක්ෂිත කරමින් නොමිනිසුන් අතර සැබෑ මිනිසුන් බිහි කරන්නට කලාකරුවාට විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති 2015 රාජ්‍ය සංගීත සම්මාන උළෙල අමතමිනි.

     

    නිර්මාණ ශිල්පීන් අගය කිරීමත්, දිරි ගැන්වීමත්, සුභාවිත සංගීත කලාව කෙරෙහි සමාජයේ අවධානය දිනා ගැනීමත් අරමුණු කර ගනිමින් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය සංගීත සම්මාන උළෙල සංවිධානය කරනු ලබයි.

     

    ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ජාතියේ ඉදිරිගමන ශක්තිමත් කරන කලාකරුවන් වෙනුවෙන් රජයෙන් ඉටුවිය යුතු සියලු යුතුකම් මැනවින් ඉටු කරන බවයි.

    කලාකරුවාත්, සංගීතඥයාත් විශ්ව චරිත ලෙස මුළු මහත් ලෝකයා හඳුනාගන්නා අතර ආධුනික නිර්මාණකරුවාගේ සිට ප‍්‍රවීන නිර්මාණකරුවා දක්වා සියලුදෙනාට තම දක්ෂතාවයන් හා හැකියාවන් තුළින් ලෝකය ජය ගැනීමට හැකි ඉඩ ප‍්‍රස්ථා නිර්මාණය කර දීමට හැකි සෑම සහයක්ම රජයක් ලෙස ලබාදෙන බවද ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය.

    සම්මානලාභී නිර්මාණකරුවන්ට සම්මාන ප‍්‍රදානය කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න, අමාත්‍යාංශයේ ලේකම් ඞී. ස්වර්ණපාල, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුෂා ගෝකුළ යන මහත්ම මහත්මීන් ද, කලාකරුවන්, සංගීතවේදින්, ගායක ගායිකාවන් ඇතු`ථ සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya