මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විධායකය ව්‍යවස්ථාදායකට සහ අධිකරණයට බලපෑම් කළ යුගය අවසන් - ජනපති

    දෙසැම්බර් 19, 2015

    බලය, දුෂණයත් අතිබලය, අතිදූෂණයත් නිර්මාණය කරන බවත් විධායක ජනාධිපති ධූරයේ තිබූ අසීමිත බලතල අවම කරමින් විධායකය ව්‍යවස්ථාදායකට සහ අධිකරණයට බලපෑම් කළ යුගය තමා අවසන් කළ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (18) පෙරවරුවේ කොළඹ ගෝල්ෆේස් හෝටලයේ පැවති අධිකරණ සේවා සංගමයේ වාර්ෂික සම්මේලනය අමතමිනි.

     

    ලෝකයේ කිසියම්ම රටක නොමැති අතිබලයක් ඇති මේ රටේ විධායක ජනාධිපති ධූරයේ බලතල හැකි උපරිම ලෙස අවම කිරීම සදහා තමන් කටයුතු කළ බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා නව රජය බලයට පත්වී ගෙවී ගිය මාස 11 ක කාලය තුළ යහපාලනය සැබෑ ලෙසම අර්ථවත් කරමින් තීන්දු තීරණ රැසක් ගත් බවද ප‍්‍රකාශ කළේය.

     

    විධායකය අධිකරණයට දුන් පණිවිඩ සහ නියෝග නොතකා අධිකරණය කටයුතු කිරීම හේතුවෙන් විනිසුරුවරුන්ගේ නිවෙස් ඉදිරිපිට උද්ඝෝෂණ කළ සහ ඔවුන්ගේ නිවාසවලට ගල්ගැසූ යුගයත්, තවත් කලෙක සිය විධායක බලයට අධිකරණය අවනත නොවීම නිසා පැය 48 ක් වැනි කෙටි කාලයක විමර්ශනයකින් පසු අගවිනිසුරුවරිය ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කළ ආකාරයත් මෙහිදි සිහිපත් කළ ජනාධිපතිතුමා අධිකරණ සේවා කොමිසන් සභාවේ ලේකම්වරයාට පහරදුන් සිදුවීම පසුගිය වසර කිහිපයේදී අධිකරණ ක්ෂේත‍්‍රය අපකීර්තීයට සහ අගෞරයට ලක් කළ අවස්ථාවක් බවද ප‍්‍රකාශ කළේය.

     

    විධායකයේ, ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණයේ තිබිය යුතු සමබරතාවය ආරක්ෂා කරමින් රටේ සියලු ක්ෂේත‍්‍රයන් තුළ යහපාලනය ගොඩනැගීමට නව රජය කටයුතු කළ බව මෙහිදි පැවසූ ජනාධිපතිතුමා ලෝකයේ ඉහළම සංවර්ධනයක් ලබා ඇති, යහපාලනය පිළිබද පුථල් අත්දැකීම් සහිත ආදර්ශමත් රාජ්‍ය පාලනයන්හි සම තත්ත්වයට ශී‍්‍ර ලංකාව ගෙන ඒමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවද පැවසීය.

     

    අධිකරණ ක්ෂේත‍්‍රයේ පවතින සියලු ගැටලු හඳුනාගෙන විනිසුරුවන් ඇතුළු ක්ෂේත‍්‍රයේ කටයුතු කරන සියු දෙනාට යහපත් මානසිකත්වයෙන් යුතුව සිය වගකීම් ඉටු කිරීමට අවශ්‍ය පරිසරය සළසා දෙන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ඔවුන්ගේ විදෙස් පුහුණුවීම් මෙන්ම දැනුම වර්ධනය කර ගැනීමට අවශ්‍ය සම්පත් නොඩුවට ලබාදීමට ඉදිරි කාලය තුළ පියවර ගන්නා බවද සඳහන් කළේය.

     

    නීතියේ පිහිට පතන සාමාන්‍ය පොදු මහජනතාවට නීතියේ විසඳුම් ලබාදීමේදී නිසි කලට එම විසඳුම් නොලැබීම පිළිබදව පුළුල් ලෙස අධ්‍යයනය කරමින් විසදුම් සෙවීමේ අවශ්‍යතාවය මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා ඒ පිළිබද නීති ක්ෂේත‍්‍රයේ කටයුතු කරන සියලුදෙනාගේ කඩිනම් අවධානය යොමු විය යුතු බවද ප‍්‍රකාශ කළේය.

    අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, අගවිනිසුරු කේ. ශී‍්‍ර පවන් යන මහත්වරුන්ද, අධිකරණ සේවා සංගමයේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්ද, නීති ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයින්, විද්වතුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya