මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයවැය සංශෝධන දහසයකට එකඟතාවය පළ වුණා- අමාත්‍ය ඩිලාන් පෙරේරා

    දෙසැම්බර් 18, 2015

    මෙවර අයවැය කාරක සභා අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කළ සංශෝධන දහසයක් සඳහා එකඟතාවය පළ වී ඇතැයි මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා අද (18) සවස පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේ ය.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හා අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා හා මුදල් ඇමැති රවි කරුණානායක මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු ,නියෝජ්‍ය ඇමැතිවරු අතර පාර්ලිමේන්තු සංකිර්ණයේදි අද (18) පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බව ද අමාත්‍යවරයා පැවසී ය.

     

    ඒ අනුව සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදල ඒකාබද්ධ නොකරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිළි පොරොන්දුවක් ලබා දී ඇතැයි ද මාත්‍යවරයා කීය.

     

    එමෙන්ම වාහනයක් මිලදී ගැනිම සදහා දැනට ණයවර ලිපි විවෘත කර ඇති වාහන මිලදී ගන්නන්ට පෙර මිලටම වාහන මිලදී ගත හැකි බවත් ඉලෙක්ට්‍රික් මෝටර් වාහන සම්බන්ධයෙන් ජනවාරි මාසයේදී සහනදායි තීරණයක් ගැනිමට ද එකඟතාව පළ කර ඇත.

     

    රජයේ ගිණුම් පෞද්ගලික අංශයේ බැංකුවලට ලබාදීම වෙනුවෙන් ගෙනතිබූ තීරණය කිසිසේත් ක්‍රියාත්මක නොකිරීමට ද එකඟතාව පළවූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරු ප්‍රකාශ කළහ.

     

    වී වලට ලබාදුන් පොහොර සහනාධා‍රය, තේ ,පොල්, රබර් සඳහා ලබාදීමටත් එළවළු පළතුරු ඇතුළු අතිරේක භෝග සඳහා මේ සහනාධාරය ලබාදීම, වාහන දුම් පරීක්ෂණ ගාස්තුව රුපියල් 1,500 ලෙස සංශෝධනය කිරීම, දිවිනැඟුම අරමුදල හෙවත් සමෘද්ධි අරමුදල ජාතික ඉතිරි කිරීමේ බැංකුවට අනුබද්ධ කිරීමට ගෙනතිබූ තීරණය නතර කිරීම, බැංකුවලින් තම මුදල් ලබාගැනීමේදී යම් මුදල් ප්‍රමාණයක් කපා හැරීම නතර කිරීම, පොල් ආනයනය නවතා දැමීම, ලීසිං පහසුකම බැංකුවලින් ඉවත් කිරීමට ගෙන තිබූ තීරණය නවතා දැමීම ඇතුළු සංශෝධන දහසයක් සඳහා මෙලෙස එකඟතාව පළ වූ බව මාධ්‍ය හමුවට සහභාගී වූ අමාත්‍යවරු කියා සිටියේ ය.

     

    එහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා -


    dumindaජනාධිපති මෛත්‍රීපාල සිරි‍සේන මැතිතුමා ජාතික ආණ්ඩුවක් හැදුවේ, පක්ෂයේ ප්‍රතිපත්ති පාවා දී නොවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අපි හැමවේලාවෙම හිටියේ ජනතාවගේ පැත්තේ. සමහර අය කිව්වා ජාතික ආණ්ඩුවක් හැදුවට මෙවර අයවැයට ශ්‍රීලනිප අදහස් හා යෝජනා නොමැති බවට. ශ්‍රීලනිපය කියන්නේ දැක්මක් සහිත පක්ෂයක්.ජනතාව බලාපොරොත්තු වූ සහන රශියක් මෙවර අයවැය තුළින් ගෙන ඒමට අවස්ථාව ලබුණා.

    ජාතික ආණ්ඩු සංකල්පය අතීතයේ කතාබහ කළාට ක්‍රියාත්මක වුණේ නෑ.මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් සෑබෑ ජාතික ආණ්ඩුවක් බිහිකළා.අද සියල්ලට සතුටු විය හැකියි. ජනාධිපතිතුමාට පැහැදිළි කළා. අගමතිතුමාට පහැදිළි කළා.ජාතික ආණ්ඩුව කුමක් ද කියලා සියලු දෙනාටම සතුටු වෙන්න පුළුවන්.මේ සහන දෙන්න කිව්වේ අනාගත ඉලක්කයක් මතයි. ඒ නිසා දැන් මේ අයවැයට සහය දෙන්න කියල ආරාධනා කරනවා.

     

     

     

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා-


    මෛත්‍රිපාල සිරිසේන මතිතුමාගෙන් ඉල්ලීම් රාශියක් කළා අයවැය යෝජනා සම්බන්ධයෙන්. ජනාධිපතිතුමාගේ ඉල්ලීම මත අග්‍රාමාත්‍යතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මත්‍රීවරු හමුවුණා.මතුක යෝජනා සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර දක්වා තිබෙනවා. වී සහ තේ රබර් සහ පොල් වලට පොහොර සහනාධාරය ලබාදීමට අගමැතිවරයා තීන්දු කළා. එළවළු හා පළතුරු අතිරේක භෝගවලට පොහොර සහනාධරය ලබදීමට එකඟ වුණා.


    ඊ.පී.එෆ් සහ ඊ.ටී.එෆ් එකතු කිරීම සම්බන්ධයෙන් හැකියාව ලැබුණා, ජනාධිපතිතුමාගේ ඉල්ලීම මත එය එකතු කරන්නේ නෑ කියලා එකඟතාවය ඇතිවුණා.වාහන දුම් පරික්ෂාව රුපියල් 1500ක් දක්වා අඩු කිරීමට එකඟ වුණා. දිවිනැඟුම අරමුදල හෙවත් සමෘද්ධි අරමුදල ජාතික ඉතිරි කිරීමේ බැංකුවට එකතු කිරීමේ යෝජනාව අගමැතිතුමා, ඒ අරමුදල ජාතික ඉතිරි කිරීමේ බැංකුවට එකතු කරන්නේ නෑ කියන කාරණය. පොල් ආනයනය කරනව කිව්වා, අගමතිතුමාගෙන් ඉල්ලීමක් කළා. එය නවත්වනවා කිව්වා. ඉලෙක්ට්‍රික් වාහන සම්බන්ධයෙන් සහනයක් දෙන්න කියල,එකඟතාවයකට ආවා. දැනට එල් .සී ඕපන් කළ සියලු වහනවලට සහන දෙන්න කමිටුවක් පත් කර සහන දෙන්න එකඟතාවයකට පැමිණියා.මේ අයවැය තුළ ජනතාව පැත්තෙන් මතු වූ කාරණා ඉදිරිපත් කර තිබෙනවා.

     

    පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසල් මුස්තාෆා මහතා-


    ලීසිං සමාගම්වලට බාරදීමට තීන්දුවක් කිව්වා. බැංකු ක්ෂේත්‍රයේ විරෝධය තියෙනවා කිව්වා. බැංකු ක්ෂේත්‍රයේම ලීසිං කළ යුතුයි කිව්වා. රාජ්‍ය ගිණුම් මාරු කිරීමට විරෝධයක් තිබ්බා, එය විසඳන බව අගමැතිවරයා කිව්වා.

     


    ඛනිජ තෙල් හා පෙට්‍රොලියම් වායු පිළිබඳ ඇමැති චන්දිම වීරක්කොඩි මහතා-


    රාජ්‍ය සේවකයන්ට ලබාදී ඇති වාහන බලපත්‍රය වසර 10කට වරක් ලබාදීමටත් විශ්‍රාමිකයන්ට ලබාදෙන වාහන බලපත්‍රය සළකා බලන්නත් පොරොන්දු වුණා. අගමැතිතුමා එකඟ වුණා පළමු වසර 05න් පසු අවුරුදු දහය තුළ ඕනෑ අවස්ථාවක වාහන බලපත්‍රය ලබගත හැකියි.විශ්‍රාමික බලපත්‍රය ගැන සහනයක් ලබාදීමටත් අගමැතිතුමා එකඟතාවය පළ කළා.මේ යෝජනා නිසා තෙල් මිලේ කිසිදු වැඩි වීමක් සිදු වන්නේ නෑ

     

    ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා-


    කසිනෝ බද්ධ අයින් කරලා රෙජිනෝ බද්ධ අඩු කළා කිව්වා. ඒ ගැන කරුණු ඉදිරිපත් කළා. බැංකුවෙන් රුපියල් මිලියනයක් ගන්නා අවස්ථාවේ දී රුපියල් 20,000 ගෙවන එක නැවැත්වූවා. අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩු කළා. එය ක්‍රියාත්මක කිරීම ගැන අවධානය යොමු කළා. සියලු පාර්ශවවල අදහස් සැලකිල්ලට ගෙන සුබවාදී අයවැයක් කරගැනීමට හැකි වුණා. විරුද්ධව ඡනදය දුන්න අය බය නැතිව සහාය ලබාදෙන්න. ඡන්දය භාවිත කරන්න.වෛද්‍යවරු ජනාධිපතිතුමා මුණගැසි වාහන බලපත්‍රය ගැන අවධානය යොමු කර තිබෙනවා, ඒ අයගේ බලාපොරොත්තු ඉටු වී තිබෙනවා. වෛද්‍යවරු රට යවන්න අවශ්‍යතාවක් නෑ.ඡන්දය ලබාදෙන්න කියලා සියලු දෙනාට ආරාධනා කරනවා.

     


    මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා-


    මේ තීන්දුවලින් පේන්න තියෙන්නේ,දෙවනවර කියවීමේ ඉදිරිපත්වන යෝජනාමයි, තුන්වැනිවර සම්මත වෙන්නෙත්.මෙවර වෙනස තමයි, සම්මුතිවාදී ආණ්ඩුවේ බොහෝ කරුණු වෙනස් කරන්න හැකි වුණා. මෙවර කරක සභා අවස්ථාවේ බලාපොරොත්තු වන ප්‍රයෝජනය ගන්න හැකි වුණා.හෙට තුන්වන වර කියවීමේ දී අවශ්‍ය වෙනස් කිරීම් කළ හැකියි. ජනාධිපතිතුමාගේ ආරාධනයෙන් ප්‍රධාන පක්ෂ දෙක සම්මුතිවාදී ආණ්ඩුවක් තුළ හොඳ පෙරහුරුවක්, ජාතික ප්‍රශ්නය, ජාතික ප්‍රතිපත්තියක් හැදීම ආදී දෙයට සාකච්ඡාවෙන් කතා කරලා කටයුතු කළ හැකි බව පෙන්වා තිබෙනවා. අපි ලංකා ඉතිහාසයේ නැති ආදර්ශයක් ලබාදුන්නා රට ගැන හිතලා, ජනතාව බලාපොරොත්තු වූ කාරණා රාශියක් ඉටු කරගන්න හැකි වුණා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya