මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රැකියා ලක්ෂ දෙකක් වසර 2016 දී බිහිකිරීමට කටයුතු කරනවා

    දෙසැම්බර් 18, 2015

    රැකියා දස ලක්ෂයෙන් රැකියා ලක්ෂ දෙකක් වසර 2016 දී බිහිකිරීමට කටයුතු කරන බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (18) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ අයවැය 2016 කාරකසභා අවස්ථාවේ විවාදයේ ප්‍රාථමික කර්මාන්ත
    අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ විවාදයේ අඳහස් දක්වමිනි.

     

    වැටුප් හා ‍වේතන වලට බිලියන 700ක් ‍වෙන් කර ති‍බෙනවා. මහින්ද රාජපක්ෂ රජය ගත් ණයවල ‍පොළිය ‍ගෙවන්න බිලියන 500ක්
    ‍වෙන්කරලා ති‍බෙනවා. බිලියන 1810ක් ‍වෙන් කරන්න ‍වෙනවා වැටුප් හා ගත් ණය ‍පොළිය ‍ගෙවන්න. සහනාධාර ‍දෙන්න බිලියන 437ක් ‍වෙන් කරලා. එය සියයට 16ක වැඩිවීමක්. සම්මුති ආන්ඩුවක් ති‍බෙන මේ වේලා‍වේ රට ‍ගොඩගන්න ‍නොහැකි වුව‍හොත් කිසිදා රට දියුණු කරන්න ‍වෙන්‍‍නේ නැහැ. ‍ඩොලර් බිලයන 11ති‍බෙන අපනයන ආදායම 2020 වන විට ‍ඩොලර් බිලියන 25 දක්වා වැඩිකිරීමට සැලසුම් කර ති‍බෙනවා.

     

    ‍තේ අපනයන වැඩි කරනවා. කුළු බඩු අපනයන වර්ධනය කරන්නත් කටයුතු කරනවා. මත්ස්‍ය සම්පත, ඇඟලුම් ‍ක්‍ෂේත්‍ර‍යේ නිෂ්පාදන
    අපනයන වර්ධනය කරන්නත් කටයුතු කරනවා. ලබන වස‍රේ ජුනි වන විට අපිට ජී එස් පී ප්ලස් ලැ‍බේ යැයි විශ්වාස කරනවා. ‍හෙළ ඔසු
    කර්මාන්තය දියුණු කිරිමට අපි බලා‍පො‍රොත්තු ‍වෙනවා. ‍ආයුර්වේද ක්‍ෂේත්‍රයට විශාල වෙළඳපළක් ‍ලෝක‍යේ ති‍බෙනවා. එයින් සියයට
    එකක් ලංකාවට ‍ගෙන ඒමට අපි අරමුණු කරනවා යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya