මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තේ කලවම් කිරීම සොයාබැලීමේ තාක්ෂණික ක්‍රම පිළිබඳව උනන්දුවක් දැක්විය යුතුයි

    දෙසැම්බර් 18, 2015

    තේ සඳහා සිදු කෙරෙන විවිධ කලවම් කිරීම් හේතුවෙන් සිලෝන් ටී නාමයට බරපතල තර්ජනයක් සිදුවන බවත් තේ කලවම් කිරීම සොයාබැලීමේ තාක්ෂණික ක්‍රම පිළිබඳව උනන්දුවක් දැක්විය යුතු බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසී ය.


    අමාත්‍යවරයා අද (18) පාර්ලිමේන්තුවේ දී වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අදාළ වැයශීර්ෂයේ අඳහස් දක්වමින් මේ බව ප්‍රකාශ
    කළේ ය.

     

    ලෝක තේ මිල පහළ වැටීම නිසා අපේ තේ අර්බුදකාරී තත්ත්වයකට පත් වුණා.මේ තත්ත්වය තේඉරුම්ගනිමින් රජය කෙටිකාලීන හා
    දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා.

     

    පොහොර සහනාධාරය ගැන කතා කළා.පොහොර සහනාධාරය කපන්න කිසි ලෙසකින් රජය සූදානම් නෑ. පොහොර සඳහා මිලියන
    2,500ක් වැඩියෙන් වෙන්කර තිබෙනවා, පොහොර සහනාධාරය වෙනුවෙන්. තේ පොහොරවල ප්‍රමිතිය පිළිබඳව අවධානය යොමු කළ
    යුතුයි.

     

    තේ වලට විවිධ කලවම් කිරීම් නිසා ලෝකයේ සිලෝන් ටී නාමයට විශාල තර්ජනයක් වී තිබෙනවා. අපි ඒ ගැන කිව්වා. ඒ වැටලීම් ගැන
    ප්‍රශ්නයක් තිබුණා. මේ කලවම් කිරීම් පිළිබඳ සොයා බලන්නට තාක්ෂණික ක්‍රම පිළිබඳ උනන්දු විය යුතුයි යැයි ද අමාත්‍යවරයා
    පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya