මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාහන ‍නිදහස් කිරීම ලොකු ප්‍රෝඩාවක් ලෙස පෙන්වන්න හදනවා - මුදල් අමාත්‍ය

    දෙසැම්බර් 18, 2015

    රථ වාහන ‍‍රේගු‍වෙන් නිදහස් කිරී‍මේ ‍‍අරමුණින් ප්‍රොඩාවක් සිදුකර නොමැති බවත් එය ලොකු ප්‍රෝඩාවක් ලෙස පෙන්වන්න හදන බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද (18) පාර්ලි‍මේන්තු‍වේදී  ප්‍රකාශ ක‍ළේය.

    අයවැය විවාදය ආරම්භවීමට ‍පෙර අමාත්‍යාංශ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා ‍මේ බව කී‍වේය.

     

    වාහන ‍රේගු‍වෙන් නිදහස් කිරීමට ‍වෙනත් ක්‍රම‍වේදයක් ජනවාරි 08 වැනිදාට ‍පෙර තිබූ බවත් වාහනවල සැබෑ මිල තක්‍සේරුවට අදාළව
    බදු පැනවීම යහපාලන ආණ්ඩුව කටයුතු කළ බවත් අමාත්‍යවරයා අනාවරණය ක‍ළේය.

     

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රවී කරුණානායක මහතා;

    ප්‍රා‍ඩෝ රථ ‍රේගු‍වෙන් නිදහස් කරන බවට මාධ්‍යවලින් ‍චෝදනා කර ති‍බෙනවා. ‍මෙවැනි වාහනවල මිල අඩු කරලා ‍රේගු‍වෙන් වාහන
    ආනයනය කරන්න අවස්ථාවක් තිබූ බව අපට දැනගන්න ලැබුණා.

     

    ජනවාරි අටවෙනිදා පත් වූ ආණ්ඩුව තුළ අපි වැලුවේෂන් එක සම්පූර්ණයෙන්ම වෙනස් කර රේගුවත් ආනයනයකරුවනුත් සමඟ සාකච්ඡා කරලා, ඔක්තෝබර් මාසයේ අපි ඉදිරිපත් කළා නිල අගයක් මේ ආනයනය කරන වාහන සම්බන්ධව.අපි හොරෙන් කාර් ක්ලියර් කරන එක නැවැත්වූවා.ඒකට අධිබද්දක් අපි දැම්මා.මෙය අයවැය මගින් නිකුත් කළාට පසුව අපිට කිව්වා කාර් එකක් ආනයනය කරන්න පුළුවන් මීට වඩා අඩුවෙන් බව.

    මේක අද ලොකු ප්‍රෝඩාවක් ලෙස පෙන්වන්න හදනවා.අපි ක්ලියර් කරන්න හදන එක නැවැත්වූවා.අපි ඒකට අධි බද්දක් දැම්මා.අයවැය වෙනකම් ක්ලියර් කළේ නෑ.ක්ලියර් කළාට පසුව අපිට පෙනුනා,අපි දාපු බද්ධට වඩා වැඩියෙන් අධිබද්ද තිබුණේ කියා.ඒ නිසා සාධරණයක් කරන්න කියලා ඉල්ලීමක් කළා.ඒ ඉල්ලීමට ඇහුම් කම් දීලා,අපි ආනයනය කරුවන්,අලුත් ආනයනය කරුවන් ගෙනාවා, ඒ සියලු ඉල්ලීම් සළකලා සමස්තයක් වශයෙන් අවස්ථාවක් දුන්නා, කරුණාකර අපට ඇත්ත කියන්න කියලා. රේගුවේ නිලධාරීන් 18ක් සිටියා.ඉන් පසුවයි අපි මෙය විවෘත කළේ.

     තුන් හතරදෙනෙක් අතට යන්නැති එකටයි මේ රුදාව ඇතිවී තිබෙන්නේ.2014 සිට අදවන තුරු ඩොලර් 40,000ට වැඩි සියලු වාහන ගෙව්වේ කීයද ගෙවලා තිබෙන්නේ කීයද, එළියට ගියේ කොයි ලෙසද කියලා වාර්තාවක් ඉදිරිපත් කරන්න.කෝටි 3800ක පමණ වෙනසක් තිබේවි කියලා කිව්වා. 

    සිගරට් කන්ටේනර් 2ක් එළියට යන්න හැදුවා.එය නවත්වලා,කෝටි 300ක ආදායමක් ලබලා තිබෙනවා.එතනෝල් එක කන්ටේනරයක්වත් එළියට ගිහින්නෑ. සම්පූර්ණ ආදායම රජයට යනවා. අපි ඉල්ලීම අනුව අධිභාරයට දාපු බද්ද අපි අඩුකරලා තිබෙනවා.ඕන රථවාහනය සැබෑ මිල කොහොමද කියලා මම පරීක්ෂණයට යොමු කරනවා. අද සිදුවන වංචා නවත්වන්නට උදව් කරන්න. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරගෙන යනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya