මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොල් කර්මාන්තය රැක ගැනීමට කටයුතු කරනවා

    දෙසැම්බර් 18, 2015

    පොල් පර්යේෂණ සිදු කරමින් පොල් කර්මාන්තය රැක ගැනීමට කටයුතු කරනවා යැයිවැවිලි කර්මාන්ත ඇමැති නවින් දිසානායක
    මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (18) පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ
    වැයශීර්ෂයේ අඳහස් දක්වමිනි.

     

    තේ, පොල්, රබර් කුඩා වැවිලි කරුවන්ට පොහොර සහනාධාරය ලබා දිමට රජය තිරණය කර තිබෙනවා.පොල් ආනයනයට අපේ
    අමාත්‍යාංශය විරුද්ධයි.එදා සිටි ස්ථාවරයේම තමයි අපි අදත් සිටින්නේ.අපේ අමාත්‍යංශයේ ස්ථාවරය අගමැතිවරයා මුදල්
    ඇමැතිවරයා වෙත අපි දන්වා තිබෙනවා.


    තේ ශක්ති අරමුදල වාර්තා ලැබුනේ නැහැ කිව්වා. ඒ වාර්තා ලබා දි තිබෙනවා.රුපියල් 80කට අමු තේ දළු කිලෝවක් මිලදි
    ගන්නවා.මේ සඳහා රුපියල් බිලයන 6.3ක් වෙන් කර තිබෙනවා. රබර් වලට මිලියන 900ක් අවය කර තිබෙනවා.මේ වන විට පැවැති
    මිලට වඩා අමු තේ දළු කිලෝවක මිල වැඩි වි තිබෙනවා.තේ දළු මිල අඩු වුනොත් අප ආර්ථිකය විශාල අර්බුදයකට ලක් වන බව අපි
    පිලිගන්නවා.අළෙවිකරණ ක්‍රමවේදයට ‍ඩොලර් මිලයන 5ක් වැය කරනවා.වසර 5න් මෙය සිදු කර නැහැ.ක්‍රමානුකූලව සහ
    විද්‍යානුකූලව අපි තිරණ ගත යුතුයි.සියයට 70ක් වන කුඩා තේ වතු හිමියන් ආරක්ෂා කිරිමට රජය සැම පියවරක්ම ගන්නවා.

     

    පොල් පර්යේෂණ සිදු කරමින් පොල් කර්මාන්තය රැක ගැනීමටද කටයුතු කරනවා.මේ කටයුතු නිවැරදිව සිදු කර ගැනිම සඳහා
    ස්ථාවර කමිටුවට අදහස් එවන්න.එවිට අඩු පාඩු සකස් කර ගත හැකි යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya