මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම සංවර්ධනය වෙනුවෙන් මිලියන 21000ක මුදලක්-ස්වදේශ කටයුතු අමාත්‍ය

    දෙසැම්බර් 18, 2015

    ගම සංවර්ධනය වෙනුවෙන් ග්‍රාම සේවා වසමකට රුපියල් ලක්ෂ 15 බැගින් මිලියන 21000ක මුදලක් ලැබෙන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා මේ බව අද (18) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ වැයශීර්ෂයේ විවාදයට එක්වෙමිනි.

     

    වෙනත් අයට හසුරුවන්න පුවවන් ව්‍යුහයක් මේ අමාත්‍යාංශයේ තිබෙනවා.එය වෙනස් කිරිමයි මේ රජයේ අරමුණ වි තිබෙන්නේ.රටේ
    මුළු මහත් ජනතාවට යහපත් වෙන ලෙස මේ අමාත්‍යාංශය හැසිරවිය යුතුයි.උපතත් විවාහයත් මරණයත් ලියා පදිංචි විම මේ
    අමාත්‍යාංශයේ සිදු වෙනවා.එක් වසරකට සහතික පන්ලක්ෂ විසිදහසක් මේ අමාත්‍යාංශයෙන් නිකුත් කරනවා.

     

    ග්‍රාම රාජ්‍ය කණ්ඩායමක් පත් කරගෙන එහි නිල බලයෙන් ග්‍රාම නිලධාරිවරයා පත් වෙනවා.මේ කණ්ඩායමෙන් ඇති වන මණ්ඩලය
    සංවර්ධන සම්බන්ධිකරණ කමිටු වලට,දිස්ත්‍රික් බල මණ්ඩලයට කරුණු ඉදිරිපත් කළ හැකියි.මින් ගමේ නායකත්වය නිවැරදිව ගොනු
    වි ග්‍රාම රාජ්‍ය සංවර්ධන සැළැස්ම සකසා ගත හැකි වෙනවා.

     

    මෙය එක්සත් ජාතික බල මණ්ඩලයක් නෙවෙයි.අප සතුව තිබෙන දැවැන්ත අභියෝග ජය ගැනිමට මින් අපිට හැකි වෙනවා.මෙවර
    නිදහස් උත්සවයේ තේමාව වන්නේ ජාතික සමගිය සාමය කියායි.මේ තේමාව යටතේ අපි නිදහස් උත්සවය සමරනවා.2016 උතුරේත්
    නැගෙනහිරත් ඉඩම් විශාල වශයෙන් තිබෙන ප්‍රදේශ හදුනාගෙන ඒවා වෙනම හසුරුවන්න බලාපොරොත්තු වෙනවා.ලැබෙන ඉල්ලිම්
    සීමා නිර්ණය යටතේ සලකා බලනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල රජයේ ගොඩනැගිලි වලට ලබන වසරේ ගෙන යාමට අපි
    බලාපොරොත්තු වෙනවා.

    මේ අයවැයේ සඳහන් වෙනවා ග්‍රාම රාජ්‍ය 2500ක් පිළිබඳව.ග්‍රාම සේවා වසමකට රුපියල් ලක්ෂ 15 බැගින් මිලියන 21000ක මුදලක් ගම සංවර්ධනය වෙනුවෙන් ලැබෙනවා.

    ග්‍රාම නිලධාරීන් 14,000න් දැනට 917දෙනෙක් පුරප්පාඩු පවතිනවා.මේ සියලු කොටස් සමඟ තමයි ඉදිරියට යන්න සිදු
    වෙන්නේ.පෞද්ගලික නිවාස තුළ ග්‍රාම නිලධරි කාර්යාල තිබෙනවා.සේවා පියස වැඩසටහන යටතේ 1630ක් ග්‍රාමනිලධාරී
    කාර්යාල ඉදිකර තිබෙනවා. ග්‍රාමනිලධාරී සංගම් විවිධ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.


    ප්‍රාදේශීය ලේකම් කාර්යාල 173ක පමණයි පළමු පන්තියේ ග්‍රාමනිලධාරීන් සිටින්නේ.අනිත් තැන්වල ඒ නිලධාරීන් නෑ.ඒ නිසා
    රටේ ජනතාවට යහපතක් වන ආකාරයට වැඩකටයුතු හසුරුවන්න සිදුවෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya