මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම අද

    දෙසැම්බර් 19, 2015

    විසර්ජන පනත් කෙටුම්පත 2016 තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම අද (19) පාර්ලිමේන්තුවේ දී සිදු කිරීමට නියමිතය.


    විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පසුගිය නොවැම්බර් 20 දින මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින්
    සිදු කළේය.

     

    ඉන් අනතුරුව ආරම්භ වූ අයවැය දෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් 21 දින සිට ආරම්භ වූ අතර දෙවැනිවර කියවීමේ විවාදය
    දින 9ක් පුරා පැවැත්විණි. දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 2 දින පැවැත්වූ අතර අයවැය දෙවැනිවර කියවීම වැඩි ඡන්දයෙන්
    සම්මත විය.

     

    ඉන් අනතුරුව කාරකසභා අවස්ථාවේ විවාද ආරම්භ විය. කාරකසභා අවස්ථවේ විවාදයේ දී ඒ ඒ අමත්‍යාංශවලට අයත් වැයශීර්ෂ විවාදයට
    ගැනිණි. කාරකසභා අවස්ථාවේ විවාදය දින 15ක් පුරා පැවැත්විණි.

     

    තෙවැනිවර කියවීමේ ඡන්ද විමසන අද දින කාරක සභා අවස්ථවේ විවදයේ දී ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය,
    සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය,මුදල් අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැයශීර්ෂ විවාදයට ගැනේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya