මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්ථික මධ්‍යස්ථාන පහක් ඉලක්ක කරගත් වැඩපිළි‍වෙළක්

    දෙසැම්බර් 18, 2015

    ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාව ශක්තිමත් කරලීම අ‍පේ ඉලක්කයි. ආර්ථික මධ්‍යස්ථාන පහක් ඉලක්ක කරගත් වැඩපිළි‍වෙළක් තුළින් ග්‍රාමීය ආර්ථිකය නංවනවා යැයි ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී හැරිසන් මහතා ප්‍රකශ කරයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (18) පාර්ලිමේන්තුවේ දී අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයේ ග්‍රාමීය ආර්ථික කටයුතු
    අමාත්‍යාංශය වැයශීර්ෂයේ අඳහස් දක්වමිනි.

     

    සියලු ජනපතිවරුන් ග්‍රාමීය ආරථිකය නැංවිමට අවධානය ‍යොමු කළා.ඒත් ඉන් මිදි ති‍‍බෙන්‍නේ අත‍ලොස්සක් පමණයි. රුපියල් බිලියන 21ක් ග්‍රාමිය ආර්ථිකය නංවන්නට අයවැ‍යෙන් ‍මුදල් වෙන් කර ති‍බෙනවා. ග්‍රාම රාජ්‍ය 2000ක් ඇති කර ගම් නගාසිටුවීමට කටයුතු කරනවා.

     

    ඉදිරි වසර පහතුළ ග්‍රාමීය ජනතාව ශක්තිමත් කරලීම අ‍පේ ඉලක්කයි. ආර්ථික මධ්‍යස්ථාන පහක් ඉලක්ක කරගත් වැඩපිළි‍වෙළක් තුළින් ග්‍රාමීය ආර්ථිකය නංවනවා. ‍මේ තුළින් ගොවීන්ට සහන ලබා‍දෙනවා. වී අ‍ලෙවි මණ්ඩලයට වී නිෂ්පාදන
    සියයට 10ක් මිලදී ගත්තා.

     

    වීවලට සහතික මිලක් දුන්නා. ‍පො‍හොර සහනාධාරය නිසා වකුගඩු ‍රෝගය ව්‍යප්ත වුණා. උතුරු මැද පමණක් 20,000ක් මියගියා.
    ඇතැම් අය ඇවිදින මලමිනී. අම්මා තාත්තා මැරුණු ළමයි පාසල්වල ඉන්නවා. රසායනික ‍පො‍හොරවලින් මිදී කාබනික ‍‍පොහොරවලට
    ‍යොමුවීමටයි කූපන් එක දුන්‍‍නේ.

     

    ‍මේ ර‍ටේ ජනාධිපති ‍ගොවි‍යෙක්. අපට වඩා කැක්කුමක් එතුමට ති‍බෙනවා. ර‍ටේම කිරි මිල්‍‍‍කෝ සමාගම හරහා මිලදී ගන්නවා. කිරි
    ‍‍‍ගොවියා නගාසිටුවීමට කිරි ‍හරක් 20,000ක් ‍ගෙන්වීමට කටයුතු කරනවා. පාඩු ලැබූ ‍‍‍ගොවිපළවල් 17න් 12ක්ම ලාභ ලබන තත්ත්වයට
    ‍ගෙනාවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya