මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විද්‍යුත් ජාතික හැදුනුම්පත කඩනමින් නිකුත් කිරිමට සැලසුම් කර තිබෙනවා

    දෙසැම්බර් 18, 2015

    විද්‍යුත් ජාතික හැදුනුම්පත කඩනමින් නිකුත් කිරිමට සැලසුම් කර තිබෙන් බව අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්. බී. නාවින්න මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා අද (18) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වැයශීර්ෂයේ අඳහස් දක්වමිනි.


    ද්විත්ව පුරවැසිභාවය ලබාදීමට අප කටයුතු කර ති‍බෙනවා.මේ වස‍රේදී පුද්ගලයන් ලක්ෂ 58කට ආසාන්න ප්‍රමාණයක් නිශ්කාෂණය සිදු කර ති‍බෙනවා. ඉදිරි‍යේදී සුරක්ෂිත ගමන් බලපත්‍රයක් නිකුත් කිරිමට සැලසුම් කර ති‍බෙනවා.

     

    විද්‍යුත් ජාතික හැදුනුම්පත් නිකුත් කිරිමට ‍ජෛවමිතක දත්ත එකතු කරමින් ති‍බෙනවා.පසුගිය කාල‍යේදී විද්‍යුත් ජාතික හැදුනුම්පත ප්‍රමාද වූ අතර එය කඩනමින් නිකුත් කිරිමට අපි සැලසුම් කරනවා. ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර, පාර්ලි‍මේන්තුවට ඉදිරිපත් කර ති‍බෙනවා.

     

    වයඹ ශිඝ්‍ර‍යෙන් සංවර්ධන කිරීමට සැලසුම් කර ති‍‍බෙනවා. සංස්කෘතික මධ්‍යස්ථාන දියුණු කිරීමට සැලසුම් කර ති‍බෙන අතර නව මධ්‍යස්ථාන 35ක් ඉදිකරමින් ති‍බෙනවා. රුපියල් මිලියන 1045ක වියදමින් ඉදිකරන මාතර නාවිමන සංස්කෘතික මධ්‍යස්ථානය ඉදිකරමින් පවතිනවා. කලාකරුවන්ට රක්ෂණයක් හඳුන්වාදීමට පියවර ගන්නවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya