මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටපුරා සිටින මාධ්‍ය‍වේදීන්ට ස්මාර්ට් ‍‍දුරකතනයක් සහ ඩේටා පැ‍කේජයක්

    දෙසැම්බර් 18, 2015



    රටපුරා සිටින මාධ්‍ය‍වේදීන්ට ස්මාර්ට් ‍‍දුරකතනයක් හා සහන මිලට ‍ඩේටා පැ‍කේජයක් ලබාදීමට කටයුතු කරන බව විදුලි සං‍දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා අද පාර්ලි‍මේන්තු‍වේදී (18) ප්‍රකාශ ක‍ළේය.

    ජනමාධ්‍ය අමාත්‍යාංශ‍යේ ලියාපදිංචි වී සිටින සියළුම මාධ්‍ය‍වේදීන්ට ‍ස්මාර්ට් දුරකතනය හා ‍ඩේටා පැ‍කේජය ලබන වස‍රේ සිට ලබාදීමට සැලසුම් කර ඇති බවත් නවීන තාක්ෂණය ඔස්‍‍සේ සියළුම ආයතනය ඩිජිටල්කරණය කිරීමට තමන් අ‍‍පේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

    කාරක සභා ආවස්ථා‍වේ වැය ශීර්ෂ විවාදයට එක්‍‍වෙමින් එ‍සේ කී අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා තාක්ෂණය ගමට ග‍නයාමට විධිමත් වැඩපිළි‍වෙළක් ක්‍රියාත්මක කරන බවද පැවසීය.

    ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දුරකතනයක් සහ ‍''මෙත්කළගුණ පැ‍කේජයක්'' ලබාදීමටත් විශ්ව විද්‍යාල සිසූන්ට ‍ලබන ව‍‍ස‍රේ සිට ටැබ් යන්ත්‍රයක් ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කී‍වේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya