මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නවසීලන්ත අගමැති ලබන වසරේ ශ්‍රී ලංකාවට

    දෙසැම්බර් 18, 2015

    නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා  (John Key) ලබන වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ රැස්වීමකට මෙසේ පැමිණෙන බවද පැවසූ අග්‍රාමාත්‍යවරයා,විදේශ සේවය ඉහළ මට්ටමකට ගෙන
    ඒමට කටයුතු කරන බව පැවසී ය.

     

    අපේ නෑදෑයන් දාලා බිස්නස් කරන්න අඳහසක් නෑ.තානපති කාර්යාල කියන්නේ රටේ විදේශ ප්‍රතිපත්තිය ගෙන යන ආයතනයි.විදේශ ප්‍රතිපත්ති ගෙනයනවා කියන්නේ තමන්ගේ නැදෑයන් දාලා,ඉන්න අය මරලා,තේ බිස්නස් කරන ඒවා නොවේ. තවමත් අපිට බිල් ගෙවන්න වෙලා තිබෙනවා.ලන්ඩන් තනාපති කාර්යාලයේගහගත්තා.එතන වුණේ මොනාද කියලා දන්නවා.

     

    අපි එංගලන්තයට හොඳ එක්කනෙක් යවන්නම්.මහාබිතාන්‍යය සමඟ සබදතා හොඳින් දියුණු වී තිබෙනවා.ජෝන් කී (John Key) නවසීලන්ත අගමතිතුමා එන වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙනවා.ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ රැස්වීමකට එන්නේ.විදේශ ලේකම්තුමිය සමඟ කතාකමින් යන්නේ,විදේශ සේවය හොඳ මට්ටමකට ගේන්න.දැන් කාටවත් ගහන්නේ නෑ.අයින් කරන්නේ නෑ.තමන් කතා කරන එක කාමරයේ ටේප් කරන්නේ නෑ යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

     

    අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (18) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා යොමු කළ වාචික
    ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya