මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිරිවෙන් සඳහා ලබන වසරේ වැඩි මුදලක්

    දෙසැම්බර් 18, 2015

    පිරිවෙන් සඳහා ලබාදෙන මුදල් ලබන වසරේ සිට වැඩි කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා මේ බව අද (18) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ වාචික
    ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.


    ආගමික පාසල් අලුතෙන් ස්ථාපිත කරන විට ගුණාත්මභාවය පිළිබඳව විද්‍යාත්මක පදනමක් අනුව කටයුතු කරන්නේ දැයි මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා නැඟූ ප්‍රශ්නයට පිළිතු දුන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ,අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපනයට සම්බන්ධ සියලු අමාත්‍යවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවකින් මේ වෙනස් කම් හා ගුණාත්මකබව වැඩි කිරීම එන වසරේ සිට එනවා.අවශ්‍යතා අනුව දින සියය තුළත් මුදල් මුද හැරියා, අපි බලාපොරොත්තු වෙනවා ලබන වසරේ මුදල් වැඩි කිරීමට.

     

    ඉංග්‍රීසි මාධ්‍යයෙන් පිරිවෙන් අධ්‍යාපනය වැඩි දියුණු කරන්න අමාත්‍යාංශයේ දැක්ම කුමක්දැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අමත්‍යවරයා සඳහන් කළේ,ඒ සම්බන්ධයෙන් අපි අඩුපාඩු සහ කරුණු සම්බන්ධයෙන් සළකා බලන්න කමිටුවක් දාල තිබෙනවා. ඒ වාර්තාව ලබුණු පසු කටයුතු කරන්නම් යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya