මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහාබ්‍රිතාන්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ඉතාම හොඳින් සිදුවෙනවා

    දෙසැම්බර් 18, 2015

    මහාබ්‍රිතාන්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ඉතාම හොඳින් සිදුවන බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසී ය.

    නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

     

    අපි වැදගත් රටක් ලෙස එක්සත් රාජධානිය සළකනවා. ඔබතුමාලාගේ කාලයේ පත් කර සිටි මහ කොමසරිස්තුමාට ගුටිබැට දුන්නා.අපි අතින් පයින් අපේ තානපතිවරුන්ට ගහන්නේ නෑ. අපි සුදුසු පුද්ගලයෙක් තෝරා ගන්නවා. අගමැතිතුමා අපේ ප්‍රතිපත්තිය
    කුමක්ද කියලා සෘජුවම ප්‍රකාශ කළා.

     

    එක්සත් රාජධානියට මාස 14ක් ගත වුවත් මහ කොමසාරිස්ධූරයට සුදුසු පුද්ගලයෙක් සොයාගැනීමට හැකියාවක් නැතිදැයි මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා විමසූ ප්‍රශ්නයට පිළිතුරු ලබාදුන් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ,අපි පුද්ගලයෙක් වැඩ බලන්න පත්කර තිබෙන බවත් ඒ රාජ්‍ය තාන්ත්‍රික වැඩකටයුතු ඉතාම හොඳින් සිදුවන බවත් පැවසී ය.

     

    මහා බ්‍රිතාන්‍යයේ සහාය අපට ලැබී තිබෙනවා.අපේ මිත්‍රත්වය ගොඩනැඟී තිබෙනවා.අපිට සුදුසු පුද්ගලයෙක් ලැබුණාම එතැනට
    පත් කරන්නම් යැයි පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya