මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ සේවයේ සියලු දෙනා පුහුණු කිරීමට එන වසරේ ශ්‍රී ලංකාවට ගෙන්වනවා- අගමැති

    දෙසැම්බර් 18, 2015

    විදේශ සේවයේ සියලු දෙනා පුහුණු කිරීම සඳහා එන වසරේ ශ්‍රී ලංකාවට ගෙන්වන බවත් හොඳ සබදතා ලබා දී විදේශ සේවය හදා දෙන බවත් විදේශ සේවය හදා ගත යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

    අග්‍රාමාත්‍යවරයා අද (18) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා යොමුකළ
    වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.විදේශ සේවයට කර ඇති පත් කිරීම් සම්බන්ධයෙන් වාචික
    ප්‍රශ්නය යොමු කර තිබුණි.

     

    පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා- පසුගිය රාජපක්ෂ පාලනය තුළදී විදේශ සේවයට අයත් නොවන පුද්ගලයන්
    දේශපාලන හිතවත්කම් අනුව පත් කළා.මේ පත් කරන ලද 47න් 23ක් ම විදේශ සේවයට අයත් නොවන අයයි.විදේශ සේවයට
    පත් කරද්දි විදේශ සේවයෙන් සියයට 70%කුත් විදේශ සේවයේ නොවන සියයට 30%කුත් ලෙස පත් කරන රෙගුලාසියක්
    තිබෙනවා.වර්තමානයේ සියයට 51%ක් විදේශ සේවයේ සියයට49%ක් විදේශ සේවයේ නොමැති අය.

     

     

    විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා-විදේශ සේවයට අයත් හා අයත් නොවන පුද්ගලයන් සම්මිශ්‍රණයකින්
    තමයි විදේශ සේවයට පත් කරන්නේ. ප්‍රතිශත වෙලාවෙන් වෙලාවට වෙනස් වෙනවා.ජනවාරි 08 පෙර විදේශ සේවයට අයිතිව
    සිටියේ සියයට22%යි.විශ්‍රාම ගිය සියයට6%යි.

     


    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා- සියයට 70% සහ 30% කියලා එකක් නෑ.සමහර විදේශ සේවා නිලධාරීන් ඇවිත්
    කියනවා.මේ ආණ්ඩුව පත්කළාට පස්සේ නෑ. අපි සුදුසු පුද්ගලයන් යවනවා.විදේශ සේවයේ සමහර අය කොළඹට කැඳවලා,
    ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මොකක්ද කියලා කියන්න ඕන.ඒක දන්නේ නැති අය ඉන්නවා.විදේශ සේවයේ සුදුසු සියල්ලට පත්වීම්
    දෙන්නම්.සමහර හොඳ අය ඉන්නවා.ඒ අය සීමා වෙලා.සමහර අය අතහැරලා ගියා.කොයි රටකවත් 70% හෝ 30% කියලා
    නෑ.එහෙම ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. හොඳ අය ඉන්නවා නම් 100% වුවත් දාන්නම්.


    මේ සංඛ්‍යාව මදි.විදේශ සේවා අංශය අලුතින් හදාගන්න තව අවුරුදු දෙකක් තුනක් යයි.මේ කටයුතු ඉදිරියට ගෙන යන්න
    තිබෙනවා.ඊළඟ සැරේ පත් කරනකොට මෙය කරන්න පුළුවන්. විදේශ කටයුතු අමාත්‍යාංශය හරියට වැඩකරනවා.සියයට
    70% සහ 30% කියන කාරණය පිළිගන්නේ නෑ.

     

     

    විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානයක මහතා- විදේශ සේවයේ ඇතිව තිබෙන කඩා
    වැටීම, පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත විශාල සංවාදයකට ලක් වුණා.ප්‍රතිපත්තියක් නොමැති වුවත් සියයට 70% සහ 30%
    පිළිබඳව සාකච්ඡා වුණා.විදේශ සේවයේ වැදගත් ම රාජ්‍ය වලට පත් කර තිබෙනවා කෘත්‍යාධීකර මණ්ඩලවල සාමාජිකයන්.

     

     


    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා- අපි එකඟ වෙලා නෑ.70% සහ 30% දෙන්නේ නෑ. මම තමයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ
    පළමු නියෝජ්‍ය ඇමති.අද අපිට තිබෙනවා රටවල් අතර වැඩකටයුතු කරන්න.විදේශ සේවයේ අයට ඒ සම්බන්ධකම්
    නෑ.කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අයට පුළුවන් ටෙලිෆොන් එකෙන් කතා කරන්න.අපේ අයට ඉඩ දුන්නේ නෑ කරන්න. නිලධාරී
    මට්ටමේ හිටියේ.ඇමෙරිකාවේ හදාගෙන යනවා.එක්සත් ජාතික පක්ෂයේ තිබුණු සබඳතා නිසයි ව්‍යාපාර ගණනාවක්
    ගෙනියන්න පුළුවන් වුණේ. එහි වාසිය අපි රටට ගෙනැත් දෙනවා.එනවසරේ සියලු දෙනා ශ්‍රී ලංකාවට ගේනවා.අළුතෙන්
    පුහුණු කරන්න.ලෝකය ගහනවා කියන පදය දැන් අපිට කියන්න බෑ.එය 2014 අවසන් වුණා.අපේ අයත් පුහුණු කරවන්න
    ඕන.මේ ඔක්කෝම හදලා දෙන්නම්.හොඳ නිලධාරීන් ඉන්නවා. ඒ අය පුහුණු කරලා, සම්බන්ධකම් දීලා,ඒ වැඩකටයුතු
    කරන්නයි තිබෙන්නේ.එංගලන්තයේ තනාපති නොහිටියත් හොඳ සබදතවක් තිබෙනවා.

     

     

    පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා-අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රකාශය දේශපාලනික වශයෙන් හෙළාදකිනවා.එහෙනම්
    විදේශ සේවයක් අවශ්‍ය නෑ මේ රටේ. කාලයක් තිස්සේ ගොඩනැගුණු දැනුමක් තිබෙන මිනිස්සු අත්‍යාවශ්‍ය වෙනවා විදේශ සේවයට.මේ ප්‍රතිපත්තිය මතනම් කටයුතු කරන්න යන්නේ,ඉදිරියේ දී විදේශ සේවය වැඩක් නෑ කියන පදනමින් ද වැඩකරන්නේ?

     


    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා-ජීනීවා කටයුතු කොළඹින් කතා කළා.ඇමැතිතුමා කළා නිව්යෝර්ක් වලින්.මමයි, විදේශ
    කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමියයි තනාපතිවරුන්ට කතා කරලා ඒ කටයුත්ත කළේ.එදා කළ සෙල්ලම අද ජිනීවා වල
    කරන්න බෑ.විදේශ සේවය හදලා ගන්න ඕන.එය හදලා ගන්නම්.අපිට වැඩකරන්න තියෙනවා.සමහර අයට ඒ රටවලට යන්න
    බෑ.එක්සත් ජාතික පක්ෂයට පුළුවන්, හොඳ සබදතා තිබෙනවා.අපි දැනුම දෙන්නම් විදේශ සේවයට, එක්සත් ජාතික පක්ෂය
    නැත්නම් මේ දුර එන්නේ නෑ.විදේශ සේවය ගහන කතාව, නවත්වන්න කියන්න.දැන් තමයි ඉගෙන ගන්නේ මොකක්ද කියලා
    ප්‍රතිපත්තිය.මේ රටේ ඩී.ඇස් සේනානායක කාලේ සිට හුගක් කටයුතු කළේ දේශපාලනික වශයෙන්.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya