මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශපාලන අරමුණු වෙනුවෙන් ප්‍රතිරූප පිම්බීම නිසා නාළිකාවලින් ප්‍රේක්ෂකයන් ඈත් වුණා

    දෙසැම්බර් 17, 2015

    දේශපාලන ප්‍රතිරූප පිම්බීම නිසා සහ දේශපාලන අරමුණු වෙනුවෙන් ප්‍රධාන නාළිකා යොදාගැනීම හේතුවෙන් ප්‍රේක්ෂකයන් නාළිකාවලින් ඈත් වුණ බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා අද (17) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත්
    කළ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවට පිළිතුරු කතාව කරමිනි.

     

    රුපවාහිනී ආයතනවල විකාශය වන ටෙලි නාට්‍ය නිෂ්පාදනයේ දී කලකරුවන්ට ඇතිවන දුෂ්කරතා පිළිබඳව මෙන්ම ටෙලි නාට්‍ය 
    විකාශනයේ දී ඇති වී ඇතැයි කියන ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා යෝජනාව 
    ඉදිරිපත් කර තිබිණි.

     

    මෙහිදී අඳහස් දැක්වූ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා;

    මේ යෝජනවේ කාරණා ගැන අපේ නියෝජ්‍ය අමත්‍යතුමා ඇතුළු කීපදෙනෙකු සමඟ සාකච්ඡා පැවැත්වූවා. යෝජනාවේ ඇතැම්
    කාරණා ගැන අවධානය යොමු කර තිබෙනවා.දැන් අපේ රාජ්‍ය මාධ්‍ය අපි බලයට පත් වුණ දවසට වඩා වෙනස්. ඒවා දැන් ලාබදායි
    තත්ත්වයට පත්වෙමින් පවතිනවා.ප්‍රේක්ෂක ප්‍රතිචාරත් වැඩි වී තිබෙනවා.

     

    සමහර ටෙලිනාට්‍ය සමහර නාළිකා මිලදී ගන්නේ සොච්චම් මුදලකටයි.මේ නිසා ඒවායේ නළු නිළියන්ට, වේෂ නිරූපණ, කැමරා
    ශිල්පීන්ටත් ලැබෙන්නේ අඩු ගෙවීමක්.

     

    මේ නිසා කලාකරුවාගේ දක්ෂතාවත් යටයනවා. ප්‍රේක්ෂක රසවින්දනයටත් බලපානවා. අපේ රූපවහිනී නාළිකා ආරම්භ කළේ
    ප්‍රධාන අරමුණු දෙකක් ඇතිවයි.පළමු කාරණය දැනුම ලබාගැනීමයි.අනෙක විනෝදාස්වාදය ලබාගැනීමයි.

     

    පසුගිය කාලයේ ප්‍රධාන නාළිකා දෙකම ප්‍රේක්ෂකයන්ගෙන් ඈත්වුණා.ඊට ප්‍රධාන හේතුව දේශපාලන ප්‍රතිරූප
    පිම්බීමට,දේශපාලන අරමුණු වෙනුවෙන් මෙම නාළිකා යොදාගැනීමයි. ටෙලිනාට්‍ය වලටත් දේශපාලඥයෝ අතගැහුවා. ඒ නිසා
    අතරමැදියන් අතර මුදල් වංචා සිදු වුණා. දැන් අපි ඒවා සම්පූර්ණයෙන් ම නතර කරන්න කටයුතු කර තිබෙනවා.

     


    ටෙලිනාට්‍ය නියාමනය කර නව ප්‍රමිතීන් හදන්න කටයුතු කරනවා- පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන


    karunarathna Mp

    මේ යෝජනාවෙන් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ වැදගත් නීරික්ෂණ කීපයක් ඉදිරිපත් කර තිබෙනවා.මේ යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, අමාත්‍යතුමගේ උපදෙස් පරිදි සාකච්ඡාවක් පැවැත්වුවා.


    අපිත් මේ කරුණු සම්බන්ධයෙන් උනන්දුයි.ප්‍රශ්නය මේ ටෙලිනාට්‍ය සඳහා කරන ගෙවීම්.ගෙවීම්වලට අදාළ නීතියක් සම්පාදනය කරන්න කියලයි ඉල්ලන්නේ.


    ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය සති අන්තයේ ටෙලි නාට්‍ය පෙන්නුවේ.ඒකාධිකාරයක් ආයතනවලට තිබුණා.නාට්‍ය කීපයක් ඉදිරිපත් වුණේ.ලොකු මිලකට ඒවා ලබාගන්න හැකියාව ලැබුණා.හොඳ ටෙලි නාට්‍ය හැදුණා.


    අද තත්ත්වය සහමුලින් ම වෙනස්.අද චැනල් දහයක්,පහළොවක් තිබෙනවා,දවසට ටෙලිනාට්‍ය තුනක්වත් මේ චැනල්වල දවසකට
    විකාශනය වෙනවා.සතියකට මහා ටෙලිනාට්‍ය කන්දරාවක් බලන්න සිදු වී තිබෙනවා.

     

    වැඩියෙන් සපයනවා, මිල බහිනවා. මේ න්‍යාය ක්‍රියාත්මක වෙනවා,ජනමාධ්‍ය කර්මාන්තය ඇතුළේ.මේක යකාට කන්න දෙනවා
    වගෙයි.ටෙලි නාට්‍ය හදනව පිට්ටු බානවා වගේ.ඒ නිසා ටෙලිනාට්‍යභාවය හොඳටම බැහැලා තිබෙන්නේ.

     


    මෙය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන්නේ ඉතාම භයානක හා අශෝබන වෙළෙඳ නීති රීති යටතේ.අශෝබනයි කිව්වේ, පසුගිය
    කාලයේ ටෙලි නාට්‍ය බාරගන්න, මුදල් අල්ලස්,ලිංගික අල්ලස් දෙන්න ඕන කියලා සහ දූෂිත කර්මාන්තයක් බවට පත් වී තිබෙනවා
    කියලා,කණගාටුවෙන් ප්‍රකාශ කරනවා.

     

    මූලික අඬිතාලමක් දැම්මා, මේ දූෂිත තත්ත්වය නැතිකරන්න.යෝජනාව වැදගත් යෝජනාවක් ලෙස සළකා
    බලනවා.ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිය නිසා කර්මාන්තයක් ලෙස ටෙලි නාට්‍ය කර්මාන්තය දියුණු කිරීමට.මේ පිළිබඳ සාකච්ඡා
    කරමින් සිටිනවා. අපි යෝජනා කරන්නේ ටෙලි නාට්‍ය වර්ගීකරණයකට යමු.ගයන්ත කරුණාතිලක අමාත්‍යතුමා, අඳහසක්
    ඉදිරිපත් කර තිබෙනවා,යම් කිසි විද්වත් මණ්ඩලයක් නාට්‍ය තෝරලා,ඉන් පසු නිෂ්පාදන ආයතනයත් සමඟ කතා කරනවා.ඒ
    අනුව බාර අරගෙන තමයි දැනට මෙම විකාශන කටයුතු ජාතික සහ ස්වාධීන රූපවහිනියෙන් සිදු කෙරෙන්නේ.


    රාජ්‍ය ආයතන කිසියම් ආකාරයක වගකීමකින් හැසිරෙනවා.අපි පිළිගන්නවා, මේ ගෙවන මිල මට්ටම් ප්‍රමාණවත් නෑ කියලා.මේ
    ටෙලිනාට්‍ය නියාමනය කරලා,අලුත් ප්‍රමිතීන් හදන්න කටයුතු කරනවා.

     

     

    පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය-මෙගා ටෙලිනාට්‍ය නිසා නළු නිළියන් සූරාකෑමට ලක්වෙලා තිබෙනවා.දීර්ඝ ලෙස
    ඉදිරිපත් කෙරෙන මෙම ටෙලි නාට්‍ය නිසා මේ තත්ත්වය උදා වෙලා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya