මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපන ක්ෂේත්‍රයට අයත් අමාත්‍යවරු සිව්දෙනා සම්බන්ධ වූ ඒකාබද්ධ වැඩපිළිවෙලක්-අමාත්‍ය මහින්ද සමරසිංහ

    දෙසැම්බර් 17, 2015

    අධ්‍යාපන ක්ෂේත්‍රයට අයත් අමාත්‍යවරු සිව්දෙනා සම්බන්ධ වූ ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බවත් ඒ මඟින් දූ දරුවන් සියලු දෙනාට රැකියා වෙළෙඳපොළේ ඉල්ලුම අනුව, හොඳ පුහුණුව ලබාදෙන්නට කටයුතු කරන බවත් නිපුතා සංවර්ධන හ වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා අද (17) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,අයවැය කාරක සභා අවස්ථවේ විවාදයේ නිපුතා සංවර්ධන
    හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය වැයශීර්ෂය විවදයේ අඳහස් දක්වමිනි.

     

    නිපුණතා සංවර්ධන වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය දෙස බලන විට තරුණ තරුණියන්ගේ අනාගත බලාපොරොත්තු,රැකියා අවස්ථා
    ලබදීමේ වැඩි වගකීමක් අමාත්‍යාංශයට පවතිනවා.

    අධ්‍යාපන ක්ෂේත්‍රයේ තුන් ලක්ෂ හැත්තෑ දහසක් පමණ තරුණ තරුණියන් සා.පෙළ සහ උසස් පෙළ සමත්වෙලා පිටවන අවස්ථාවේ දී
    1,50,000ක් තමයි වෘත්තීය පුහුණුවට ඇතුළත් වෙන්නේ.


    අපිට අභියෝගයක් තිබෙනවා, මේ සියලු දෙනා ඉලක්ක කරගත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න.එය 2016 වසරේ ඉලක්කයයි.

    අගමැතිතුමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා,හිටපු අධ්‍යාපන අමාත්‍යවරයකු ලෙස ක්ෂේත්‍රය පිළිබඳව දැනුමක් තිබෙන පුද්ගලයකු
    ලෙස,කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණා,කැබිනට් අනුකමිටුවක් පත් කරලා,අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ වූ හතර දෙනා සම්බන්ධ
    වූ එකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙනවා.

     

    එවැනි වැඩපිළිවෙලක් හරහා අපේ ක්ෂේත්‍රයට ඇතුළු නොවන 2,20,000ක පමණ සිසු සිසුවියන් සංඛ්‍යාවක් අපට සම්බන්ධ
    කරගෙන ඒ සියලු දෙනාට රැකියා වෙළෙඳපොළේ ඉල්ලුම අනුව, හොඳ පුහුණුව ලබාදෙන්නට.දේශීය වශයෙන් හෝ ජාත්‍යන්තර
    රැකියා අවස්ථා හැඩරුව තක්සේරු කරගෙන විදේශ සේවා කාර්යාංශය වැනි ආයතන සමඟ සම්බන්ධ වී කටයුතු කරගත හැකි
    වුවහොත් රැකියා ලක්ෂ 10 සම්පූර්ණ කරන්න පුළුවන්.

     

    වැඩිපුර රැකියා අවස්ථා තිබෙන්නේ පෞද්ගලික අංශයේ. ඉදිරියේ දී රජයේ අංශය කුඩා වෙන්න පුළුවන්. කාර්මික මණ්ඩල හතරක්
    ජනවාරි මස සිට ආරම්භ කර පෞද්ගලික අංශය සමඟ මුල සිට කටයුතු කර රැකියා අවශ්‍යතාව අනුව අපේ දූ දරුවන්ට ඒ අවශ්‍ය
    පුහුණුව ලබාදීමට බලාපොරොත්තු වෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya