මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය ආයතන සම්පූර්ණයෙන් ම ජාතික භාෂා ප්‍රතිපත්තියට අනුව ක්‍රියාකළ යුතුයි

    දෙසැම්බර් 17, 2015

    රාජ්‍ය ආයතන සම්පූර්ණයෙන් ම ජාතික භාෂා ප්‍රතිපත්තියට අනුව ක්‍රියාකළ යුතු බව ජාතික සංවාද පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා අද (17) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    එසේ කටයුතු නිකරන්නේ නම් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් භාෂා ප්‍රතිපත්තිය සමඟ සෙල්ලම් නොකරන ලෙසත්
    අමාත්‍යවරයා සඳහන් කළේ අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයේ ජාතික සංවාද පිළිබඳ අමාත්‍යාංශය වැයශීර්ෂය විවාදයේ අඳහස්
    දක්වමිනි.

     

    භාෂා ප්‍රශ්නය විසඳුනොත් ජතික ප්‍රශ්නය විසඳන්න පුළුවන්.නිසි ආකාරයෙන් භාෂාවේ අයිතිය ලබා නොදුන්නොත් රටේ ප්‍රශ්නය
    විසඳිය නොහැකියි.

    ජාතික සංවාද පිළිබඳ අමාත්‍යාංශයේ නම මාගේ ඉල්ලීම පරිදි ඉදිරියේ දී ජාතික සහජීවන,සංවාද හා ජතික භාෂා අමාත්‍යාංශය ලෙස වෙනස් වෙනවා.


    භාෂා ප්‍රතිපත්තිය ලිපි ලේඛනවලට පමණක් සීමා වී තිබුණා.මේ රජයට භාෂාමය කටයුතුවලදී වගකීමක් තිබෙනවා.සිංහල නිලධාරීන් දෙමළ භාෂාවත්,දෙමළ නිලධාරීන් සිංහල භාෂාවත් දැනගත යුතුයි.වාචිකව හා ලිඛිතව කටයුතු කිරීමට හැකියාව තිබිය යුතුයි.ඉදිරියේ දී භාෂා පරිවර්තකයින් බඳවා ගැනීමට ද කටයුතු කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya