අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය වැයශීර්ෂයේ අඳහස් දක්වමිනි.
ගෝලීය උණුසුම වැඩිවීම පාලනය කිරීමට කොපමණ සාකච්ඡා කළත් ගෝලීය එකමුතුවට එය සිදු කිරීමට නොහැකි වී
තිබෙනවා.ආපදාවක් ඇති වූ විට උදව් කිරීමට චක්‍රලේඛන තිබුණත් ආපදාවක් ඇතිවීමට පෙර උදව් කිරීමට හැකි චක්‍රලේඛන සකස් කරන්න අවශ්‍යයි.
අපිට තවදුරටත් කෘෂිකර්ම බිම් නිවාස සඳහා යටකරන්න බෑ.හුදකලා නිවාස වෙනුවට එක ස්ථානයක ස්ථනගත වූ ගම්මාන
ඇති කිරීමට යෝජනා කරනවා.
යම් ප්‍රශ්නයක් පිළිබඳව දිගුකාලීන සැළකිලිමත්කමක් අපට නෑ. ඡන්දදායකයින් දැනුවත් කරන්න අවශ්‍යයි, හුරුපුරුදු අංශවලින්
ඈත්වෙලා නවීන ක්‍රම පිළිබඳව දැනුවත් වීමට.නාය යෑම් අවම කිරීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. මීරියබැද්ද නිවාස 45ක් ජනවාරි මාසය වනවිට ඉදිකර අවසන් කරන්න හැකි වෙනවා.
සුනාමි එනකම් අපි දැනගෙන සිටියේ නෑ.සුනාමි අනතුරු ඇගවීම් කුළුණු 77ක් ස්ථාපිත කර තිබෙනවා.කාලගුණවිද්‍යා දෙපර්තමේන්තුව නවීන තාක්ෂණ උපකරණ සහිත දෙපර්තමේන්තුවක් බවට පත් කිරීමට යෝජනා කර තිබෙනවා.තොරතුරු ලබගත හැකි ශක්තිමත් ආයතනයක් බවට කාලගුණ දෙපාර්තමේන්තුව පත් කළ යුතුයි.
ප්‍රාදේශීය ආපදා කාර්යාල සඳහා පහසුකම් ලබදීම වෙනුවෙන් උපකරණ කට්ටල ලබා දීමට දැනටමත් චීන රජය සමඟ සාකච්ඡා
පවත්වා තිබෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.