නියෝජ්‍ය අමාත්‍යවරයා අද (17) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය වැයශීර්ෂයේ
විවාදයේ අඳහස් දක්වමිනි.
ලෝකයේ නිල් තල්මසුන් ස්ථීරවම නැරඹිය හැකි ස්ථාන අතර දකුණු මුහුදේ මිරිස්ස සහ කල්පිටිය ප්‍රදේශය සුවිශේෂී ලෙස සැළකෙනවා.අලි,ඇතුන් වගේම නිල් තල්මසුන් ආරක්ෂා කිරීම පිළිබඳව අවධානය යොමු වී තිබෙනවා. එය සංචාරක කර්මාන්තයට
ඉතාම හොඳයි.
කොළඹ වරායට පැමිණෙන නාවික මාර්ගයේ නිල් තල්මසුන් සිටිනවා. විශේෂඥයින් සොයාගෙන තිබෙනවා,තල්මසුන් කිලෝමීටර්
දහස් ගණනක් යනවා කියලා. එහෙත් දකුණු මුහුදේ නිල් තල්මසුන් ඈත මුහුදට නොයන, කොළණියක් ලෙස සිටින බව සොයාගෙන තිබෙනවා. සීමිත ප්‍රදේශයක උන් ජීවත් වෙනවා. ලෝකයේ මෙවැනි සුවිශේෂී අවස්ථාවක් දැකගැනීමට බෑ.
නාවික මාර්ගය තිබෙන්නේ මේ කොළණිය අසළින්. නෞකා නිසා සිදුවන සමුද්‍ර දූෂණය හේතුවෙන් නිල් තල්මසුන් මේ පරිසරය අතහැර
යාමේ අවධානමක් තිබෙනවා.ඒ නිසා නවික මාර්ගය සැතපුම් 15ක් පමණ ඈත් කොට, වටිනා ජීවිත ආරක්ෂා කරනවා නම්
වැදගත්.මේ පිළිබඳව අවධානය යොමු කරන්න අවශ්‍යයි.මෙය වෙනම ව්‍යාපෘතියක් ලෙස සළකා කටයුතු කළ යුතුයි යැයි ද නියෝජ්‍ය
අමාත්‍යවරයා පැවසී ය.