නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෛද්‍ය වෘත්තියේ ගෞරවය විනාශ කරන්නේ ඇයි? අධිකරණ අමාත්‍ය

    දෙසැම්බර් 17, 2015

    වෛද්‍ය වෘත්තිය පහත හෙළන්නේ ඇයි ? වෛද්‍ය වෘත්තියේ ගෞරවය විනාශ කරන්නේ ඇයි?මේ වගේ අපරාධවලට දායක වෙන්න එපා.රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගෙන යන වැඩපිළිවෙළ හෙළා දකිනවා යැයි අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා අද (17) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයට සහභාගී වෙමිනි.

     

    ජනතා අවශ්‍යතාවන්ට ඇහුම්කම් දීලා අයවැයේ අවශ්‍ය වෙනස්කම් කර තිබෙනවා.ජනතා ආණ්ඩුවක් ලෙස එය ප්‍රශස්ත මට්ටමින් ඉටු
    කළා.විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය සම්බන්ධව, මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධව නොයෙක් දීර්ග සාකච්ඡා පැවැත්වුණා.අධිකරණ කටයුතු පැවැත්වුණා.


    අද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යම් ප්‍රකාශයක් මාධ්‍යයට කර තිබෙනවා,මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා
    ගත යුතුයි කියලා. මම මේ ප්‍රකාශයට පුදුම වෙනවා. මේ වෛද්‍යවරුන්ට ලංකාවේ අධ්‍යාපනය පිළිබඳව ආකල්පය කුමක්ද
    කියලා දැනගන්න කැමතියි.

     

    අපේ රටේ උසස් පෙළ සමත් සියලු ළමයින්ට උසස් අධ්‍යාපනය ලබන්න අවස්ථාව ලබාදෙන්න නොහැකි වී තිබෙනවා.අපේ රටේ තිස්
    දහසක් පමණ විශ්වවිද්‍යාලයට යනකොට විශ්වවිද්‍යාල සුදුසුකම් ලබපු තවත් 70,000ක් පමණ විශ්වවිද්‍යාලයට යාමට නොහැකිව
    සුසුම් හෙළමින් ඉන්නවා.

     

    මේ විශ්වවිද්‍යාලය දින 100තුළ ආරම්භ කළේ නෑ.පසුගිය රජය කාලයේ සයිටම් එක ආරම්භ කළා,ඩිෆෙන්ස් විශ්වවිද්‍යාලය
    කොතලාවල ආරම්භ කළා.ඒවා ආරම්භ කරනකොට එයට විරුද්ධ වෙන්න හයියක් තිබුණේ නැද්ද?හදපු දේශපාලන සංස්කෘතිය
    ආණ්ඩුවට විරුද්ධව කතා කළොත් සුදු වෑන්වලින් උස්සලා, අතුරුදහන් කරනවා. දැන් ඇවිත් කියනවා, වැරදි නිවැරදි කරන්නලු.
    අපි දන්නවා, ආණ්ඩුවක් ලෙස වැරදි නිවැරදි කරන්න.ප්‍රශ්නය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි.

     


    මේ විශ්වවිද්‍යාලය ආරම්භ කරනකොට මේ අය නිදාගෙන සිටියා.අද මේ ළමයි දහස් ගණනක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබුවට පස්සේ,
    දෙමව්පියන් ණය වෙලා. දැන කියනවා, විශ්වවිද්‍යාලය වහලා දාන්නලු.මොකක්ද මේකේ සාධාරණය.වෛද්‍යවරු හිතන් ඉන්නේ අපි
    වෛද්‍යවරු නිසා ලංකාවේ අය වෛද්‍යවරු බිහිකරන්න එපා කියලයි.ඔය කතා කරන වෛද්‍යවරුන්ට එක ලකුණක් අඩු වුණානම්
    අද ගමේ ත්‍රීවීල් එකක් එළවනවා. වෛද්‍යවරු බිහිවෙනවට විරුද්ධයි.මේ රටට විශ්වවිද්‍යාල අවශ්‍යයි.අපේ රටට වෛද්‍ය විද්‍යාල
    නොව හැම විද්‍යාලයක්ම අවශ්‍යයි.

     

    මේක රටේ ජනතවට තිබෙන අවශ්‍යතාවක්.එදා සුදු වෑන් එකට බයවෙලා කට ඇරියේ නෑ. එහෙම තිබ්බ රටක්. දැන් ඒ අය කලර්ස්
    පෙන්වනවා.කුහක කම පටු පරමාර්ථය, දොස්තර කෙනෙක් ළඟට යන්නේ දෙවියෙක් ළඟට යනවා වගේ. ලෝකයේ උතුම් ම වෘත්තිය
    වෛද්‍ය වෘත්තියයි. පොඩි කාර් පර්මිට් එකට ,තමන්ගේ සාක්කුවට අවාසි වෙනකොට හුස්ම අදින ලෙඩ්ඩු එනකොට අහක බලාගත්තා.

     

    කරන්න බැරි දේ අපි කළා.අද අධිකරණය නියෝගයක් දී තිබුණා, කරන විදිය ගැන. අද වෛද්‍යවරුත් දෙකට බෙදිලා.දොස්තර
    මහත්වරුන්ගේ දරුවෝ මෙඩිකල් ෆැකල්ටියට අහු වුණේ නැත්නම් යන්නේ සයිටම් එකට.

     

    අපිට අත්දැකීම් තිබෙනවා.අපි වැඩියෙන් වෛද්‍යවරු, වෘත්තිකයන් බිහිවෙනවට ඊර්ෂයාවක් හිතේ තියාගෙන රජයේ වෛද්‍ය
    නිලධාරීන්ගේ සංගමය ගෙන යන වැඩපිළිවෙළ හෙළා දකිනවා.

    මේක අධ්‍යාපන ආයතනයක්.කෝටි ගණනක් වියදම් කරලා, වෛද්‍ය විද්‍යාල හැදුවේ මේ රටේ ගෞරවනීය වෛද්‍යවරු . නීතිඥයන්
    නොවේ හැදුවේ. මේ අය දැන් කියනවා මේ වෛද්‍ය විද්‍යාල වහලා දන්න ළමයි පාරට ඇදල දන්නකියලා.මෙතැන තියෙන්නේ
    පහත්කමක්.මෙය නින්දිත ප්‍රකාශයක්.


    මෙය ඔක්කෝම වෛද්‍යවරුන්ගේ මතය නොවේ.දේශපාලන හස්ථයන් අතේ තියගෙන කීපදෙනෙක් මෙහෙයවනකොට ඒවා
    වෙනවා.මෙය වෛද්‍යවරුන්ගේ මතය නොවේ.සංගමයක් ලෙස එළියට ඇවිත් කියනකොට සමස්ත වෛද්‍යවරු පිළිබඳ ඇතිවන මතය
    ඉතාම පිළිකුල් වෙනවා. ඇයි වෛද්‍ය වෘත්තිය පහතට හෙළන්නේ.ඇයි වෛද්‍ය වෘත්තියේ ගෞරවය විනාශ කරන්නේ.මේ
    වගේ අපරාධවලට දායක වෙන්න එපා යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya