රාජ්‍ය අමාත්‍යවරයා අද (17)පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයේ නිපුණතා සංවර්ධන හා
වෘත්තීය පුහුණු අමාත්‍යාංශය පිළිබඳ වැයශීර්ෂය විවාදයේ අඳහස් දක්වමිනි.
රුපියල් මිලියන තුන්දහසක පමණ මුදලක් වෘත්තීය පුහුණුව සඳහා යොදා ගැනීමට අවකාශ ලැබී තිබෙනවා.පුහුණුවක් ඇති ශ්‍රමබලකාය
නිපුණතාවක් ඇති කණ්ඩායමක් බවට පත් කිරීම සඳහා අප වෙත පැවරී තිබෙනවා.මේ කටයුත්ත කිරීමේ දී උසස්පෙළ හා
සාමාන්‍යපෙළ විභාගයට පෙනී සිටින තරුණ පිරිසෙන් 25,000ක පමණ පිරිසක් තමයි උසස් අධ්‍යාපනය සඳහා තේරෙන්නේ.
අපි මේ වර්ෂය වනවිට සාමන්‍යයෙන් වර්ෂයකට 78,000ක් පුහුණුවට ලක් කර තිබෙන්නේ. අපට තිබෙනවා, විශාල වගකීමක්
වසර 2016 දී දෙලක්ෂ පනස්දහසක් වන ප්‍රමාණයක් වාර්ෂිකව පාසල් අධ්‍යාපනය හමාර කරලා,සමාජයට එකතු වෙන අය
වැඩදායක පිරිසක් බවට පත් කිරීමට.එම වගකීම ඉටු කිරීම සඳහා 2016 වසරේ පුහුණු වැඩසටහන් වැඩි කරන්නට, විද්‍යා ආයතන වැඩි
කරන්නට, පාඨමාලා වැඩි කරන්නට, නිපුණතාවයෙන් වැඩි ආචාර්යවරු වැඩි කරන්නට ක්‍රමවේද ගණනවකට යන්නට
බලාපොරොත්තු වෙනවා.
ලබන වසරේ ජූනි මාසයේ 18 වැනිදා කිළිනොච්චියේ ඉදිකරන ජර්මන් අභ්‍යාස ආයතන ආරම්භ කරන්නට බලාපොරොත්තු
වෙනවා. 600ක සිසුන් පිරිසකට පුහුණුව ලබාදෙන්නට හැකි වෙනවා.මොරටුව ජර්මන් අභ්‍යාස ආයතනයට සිසුන් තවත් 200ක්
වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා.2016 වසරේ විදේශ ගතවන සෑම පුද්ගලයකුටම පුහුණුවක් ලබාදීමට පියවර ගැනීමට
බලාපොරොත්තු වෙනවා යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.